පඩි පමාව නිසා මීගමුව ඩීපෝවේ සේවකයන් 300ක් වර්ජනයේ

Photos were posted on 16 පෙබ 2012 at 9:10ප.ව.


ජනතා සන්තක බස් සේවාවට අයත් මීගමුව බස් ඩිපෝවේ සේවකයන් 300 දෙනෙක් පමණ ය 15 වැනිදා  දහවල් 12.00 සිට වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කොට ඇත. බස් ඩිපෝවේ රියදුරන්, කොන්දොස්තවරුන් සහ කාර්මීකයන් පිරිසක් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන්නේ ඔවුන්ට සෑම මාසයකම නියමිත දිනයට වැටුප් නොගෙවීම හේතු කර ගෙනය. ඔවුන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ දැනට වසර 12 ක පමණ කාලයක සිට මෙලෙස සෑම මසකටම නියමිත දිනට වැටුප් නොගෙවන බවයි. සෑම මසකම 08 වැනි දිනට නියමිත  වැටුප් ගෙවීම දින කිහිපයකින් ප‍්‍රමාද වන බවයි. එම හේතුවෙන් ඔවුන් මේ වන විට  තම පෞද්ගලික ජීවිතයේ විවිධ වූ අවුල් වියවුල් සහ ගැටඵ රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවයි. මේ මස 08 වැනි දිනට ගෙවීමට නියමිත වූ වැටුප මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කල දිනය එනම් 15 වැනිදා වන විටත් නොගෙවා ඇත.
මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කළ 15 වැනිදා මෙම මීගමුව ඩිපොවේ බස් රථ 48 ක් සේවයේ යෙදවීමට නොහැකී වී ඇත. මෙම බස් රථ 48 න් බස්රථ 05 ක්ම දුරගමන් බස් රථ සේවා වේ. එලෙසම පාසල් ළමුන් සදහා සේවයේ යොදවා ඇති බස් රථ මෙම තත්වය මත ඇන හිට ඇති අතර සාමාන්‍ය ගමන් වාරයන්ද මේ වර්ජනය හේතුවෙන් ඇන හිට තිබේ.
මේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වන ශී‍්‍ර ලංකා නිදහස් සේවක සමිතියේ උප සභාපති මංජුල සුරේෂ් මහතා පවසන්නේ මෙම තත්වයට හේතු ලෙස බලධාරීන් පවසන්නේ ප‍්‍රතිපාදන නොලැබීම, පසුගියදා ඉහල ගිය ඉන්ධන මිළ වැනි ප‍්‍රශ්න බලපා ඇති බවයි. කෙසේ වෙතත් ඔහු පවසන්නේ නියමිත දිනට වැටුප් ගෙවීමට යම් ආකාරයක වැඩපිලිවෙලක් සකස් නොකරන්නේ නම් මෙවැනි වැඩ වර්ජන ඉදිරියේදීද කි‍්‍රයාත්මක කිරීමට සිදු වනු ඇති බවයි.
ඡායා – රේමන්ඩ් අපෝන්සු

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 4 of total 4 images.

Advertisement