රෝගාතුරව සිටින ධීවරයින්ට බෝට්ටුවෙන්ම ගෙන්වා ගැනීමට රජය උත්සාහයක0 comments

By admin
Posted on 21 ජන 2012 at 12:49ප.ව.

මේ වනවිට අන්දමන් දූපතේ අවුරැදු එකහමාරක් පමණ  සිරගතව සිට  පසුගිය 17 වනදා නිදහස් වූ ධීවරයින් 06 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන් විසින් අරමුදලක් පිහිටුවාගෙන ඇත්තේ ඔවුන්ව ගුවනින් ගෙන්වා ගැනීම වෙනුවෙනි. රජය පවසා ඇත්තේ බෝට්ටුව හොදින් තිබෙනවා නම් ඔවුන්ට බෝට්ටුවේම පැමිණිය හැකි බවයි. නමුත් වාර්තා වන පරිදි අවුරැදු එකහමාරක් පමණ රැදවුම්භාරයේ සිටි මෙම ධීවරයින්ගේ  සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව පවුල් වල සාමාජිකයන් පවසති. බෝට්ටුවේ රියදුරැ ගේ තත්ත්වය තරමක් බරපතල   බවත්, තව ධීවරයන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක ඇති බව ඔවුන් පවසති.  මේ හේතුව නිසා ඔවුන්ට සම්පූර්න සුවය ලැබීමට වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍ය බව පැහැදිලිය.
දැනට තිබෙන තත්ත්වය හමු‍වේ එම ධිවරයින්ගේ ඥාතීන් විසින්  ඔවුන් ගෙන්වා ගැනීම සදහා  අරමුදලක් පිහිටුවා ඇති අතර,  ඒ සදහා   හැකි අයුරින් උපකාරයක් කරන ලෙස  ඉල්ලා සිටියි.

ඒ වෙනුවෙන් කල්පිටිය  – මහජන බැංකුවේ කල්පිටිය ශාඛාවේ  Bank Ac. No.   125200233118139 ගිණූම්ක් විවෘතව ඇත.

Read also
Advertisement