විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු සේවය කරන්නේ ජනතාවටද ඇමැති නිමල් ලංසාටද??0 comments

By admin
Posted on 11 පෙබ 2012 at 7:12පෙ.ව.

මීගමුව මහනගර සභාවේ විපක්ෂය නගරයේ සිදුවන අකටයුතුකම් ගැන මුනිවත රකින තත්වයකට පත්විම අද කාගේත් කථාබහට ලක්ව ඇති කරුණකි.මෙයට ඇත්ත හේතුව නම් විපක්ෂයෙ ඇතැම් මන්ත්‍රිවරු ඇමැති නිමල් ලංසාගෙන් විවිධ වරදාන ලබාගැනිමයි. මේ නිසාම මේ ඇතැම් මන්ත්‍රිවරු සිය පක්ෂ කණ්ඩායම් රැස්විම් වලදි කථාබහ වන දේවල් පවා එවෙලේම ඇමැතිවරයාගේ කණේ තබන සංස්කෘතියක්ද බිහිව තිබුණි.මේ වෙනුවෙන් මන්ත්‍රිවරුන්ගේ දරැවන්ගේ විවාහ මංගල උත්සව වෙනුවෙන් ඇමැතිවරයා ගේ විශාල මුදල් පරිත්‍යාග ලබේ.

මේ මෑතකදිද  එවන් වරදානයක් එක් මන්ත්‍රි කෙනෙකු හට ලැබි තිබේ.මේ මන්ත්‍රිවරයා සිය පළමු දියණිය වෙනුවෙන්ද මෙවන් තෑගි ලබන්නට තරම් වාසනාවන්තයෙක් වි ඇතැයි වාර්ථා වේ.

Read also
Advertisement