Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » අපචාර සිද්ධියක් මත කෙහෙල්ඇල්ල ප්‍රාථමික විදුහලේ විදුහල්පති, අත්අඩංගුවට

අපචාර සිද්ධියක් මත කෙහෙල්ඇල්ල ප්‍රාථමික විදුහලේ විදුහල්පති, අත්අඩංගුවට


අපචාර  සිද්ධියක් සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කෙහෙල්ඇල්ල බෞද්ධ ප‍්‍රාථමික විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති උපුල් විජේසිංහව නම් පුද්ගලයයෙකු අද සවස මීගමුව රෝහලේ  අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශයට   ගෙන එන ලදී.  මොහු පාසල් වේලාවෙන් පසු විවිධ හේතු කාරණා දක්වමින් අවු 8-13 ත් අතර ශීෂ්‍යාවන් ට ලිංගික අපයෝජනය සිදුකර ඇති බවට ඇති සාක්ෂි මත දිවුලපිටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්්‍යාංශය විසින් මෙම පුද්ගලයා  අත්අඩංගුවට ගෙන ඇත. කාලයක සිට පාසල් වේලාවෙන් පසු අධ්‍යාපන කටයුතු සදහා මෙම සිසුවියන්ව පාසලේ රදාවගෙන මෙම අපචාර සිදුකිරිම් කර ඇති බවට වාර්තා වේ.  මෙම සිදුවීමට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් මීගමුව රෝහලට පැමිණ සිටි අතර ලිංගික අතරවරයට පත්වූ දැරිවියන් 09 දෙනෙකු පරීක්ෂණ සඳහා මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශයට යොමු  කරන ලදී.  මෙම  අපචාර සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයාව මිනුවන්ගොඩ උසාවියට   ඉදිරිපත් කිරීමට නියමිතය.  

One comment

  1. kill this idiot

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>