Thursday, June 20, 2013
Breaking News
You are here: Home » Stories » අපි නගන්නේ අපේ හඩ

අපි නගන්නේ අපේ හඩ

අද උදෑසන මීගමුව නගර මධ්‍යට පැමිණි ධීවර කාන්තාවන් පිරිසක්  විරෝධතාවයක නිරතවුයේ  රජය විසින් තමන් මත බලෙන් පටවා ඇති තෙල් මිළ ඉහල දැමීමට එරෙහිවය.

එමෙන්ම තෙල් මිළ රැ 35 කින් ඉහළ දැමීම නිසා පාරට පැමිනි ධීවරයන්ට වෙඩි තබා ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර තරැණයා මරා දැමීමටත් විරෝධය මෙහිදී දැක්වූහ. මෙසේ විරෝධතාවයක නිරතවූයේ මීගමුව කඩොල්කැලේ කාන්තාවන් පිරිසක් විසිනි. මෙහිදී ඔවුන් විසින් මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේ තමන් හඩ නගන්නේ තමන් තුල කැකෑරෙන විරෝධය බවයි.

තමන් කාගේ වත් අතකොළු නොවන බවත් රජයට විරෝධය දැක්විම සදහා හෙටත් පාරට බහින බවත්ය.තමන් සමග තම පල්ලියේ පියතුමාද එක්වන්නට තින්දු කිරිම තමන්ට විශාල හයියක් බවද පවසා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>