Thursday, June 20, 2013
Breaking News
You are here: Home » Stories » ඇමරිකානු චිත‍්‍රපටයට මීගමුව මුස්ලිම් ජනතාවගේ විරෝධය.

ඇමරිකානු චිත‍්‍රපටයට මීගමුව මුස්ලිම් ජනතාවගේ විරෝධය.


නබිනායක තුමන්ට අපහාස වන ලෙස ඇමරිකාව විසින් නිර්මාණය කලේ යැයි කියන චිත‍්‍රපටයකට මීගමුවේ මුස්ලිම් ජනතාව සිය විරෝධය පල කරති. අද එනම් සැප්තැම්බර් 28 වනදා සිකුරාදා දිනයක් වූ බැවින් මුස්ලිම් ජාතිකයන් සිය දේවස්ථාන වල දහවල් යාඥා මෙහෙයෙන් පසුව ඒකරාහී වී මෙම විරෝධත්ව උද්ඝෝෂන පා ගමන පැවැත්වූහ. මීගමුව, පෙරියමුල්ල ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානයට රැුස්වූ මීගමුව හා අවට වෙසෙන මුස්ලිම් ජාතිකයින් එම දේවස්ථානය අභියසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කල අතර එය හලාවත – කොළඹ ප‍්‍රධාන මහා මාර්ගය ඔස්සේ කොප්පරා හංදියෙන් මීගමුව නගරයට ගමන් කලේය. එහිදී මීගමුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අභියසදී පඹයෙකු ගිනිතියමින් ඇමරිකානු එක්සත් ජනපදයට සිය විරෝධය ප‍්‍රකාශ කලහ. එහිදී රැුස්ව සිටි පිරස අමතමින් මුස්ලිම් දේවස්ථානයේ නායක පුජකතුමා ස`දහන් කලේ තම ආගමික නායක නබිතුමන්ට අපහාස වන ආකාරයට මෙම චිත‍්‍රපටිය නිර්මානය කර ඇති අතර එය ප‍්‍රදර්ශනය වීම වලක්වා ගත යුතු බවයි. එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වීම වලක්වාලනු පිනිස ශී‍්‍ර ලංකා රජයට බල කිරීම පිණිසත් ඒ ස`දහා අදාල වගකිවයුත්තන් දැනුවත් කිරීම ස`දහාත් මෙම විරෝධතා පාගමන සංවිධානය කල බව එහිදී මුස්ලිම් ආගමික නායකයින් පැවසුහ.
මේ ස`දහා මීගමුව මහා නගර සභාවේ උප නගරාධිපති මොහොමඩි සකාවුල්ලා මහතා සහ ආන්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂයේ සිටින මුස්ලිම් නාගරික මංතී‍්‍රවරුද සහභාගී වූහ. එමෙන්ම අති විශාල  ජනකායක්ද මේ විරෝධතා පාගමනට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>