Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » කලපුව අභියස ධීවර කාන්තාවෝ දේව කන්නලව්වක

කලපුව අභියස ධීවර කාන්තාවෝ දේව කන්නලව්වක

      ඔක්තෝබර් 09 වැනි දිනට යෙදෙන ලෝක ආහාර දිනය නිමිත්තෙන් මීගමුව ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිඛෙන අතර එහි තවත් එක් වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් 08 වැදි දින සවස මීගමුව කලපුව අභියසදී පැවැත්විණි.

රජය විසින් දියත් කරන සහ දියත් කිරීමට බලාපොරොත්තු වන විවිධ ව්‍යාපෘති මගින් ආහාර නිෂ්පාදනය සදහා අත්‍යාවශ්‍ය සාධක වන භූමිය, ජලය සහ බීජ වලට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් තිඛෙන අතර මීගමුව පුරවරයේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් නිසා මීගමුව කලපුව විනාශ වීමේ සහ එය ධීවරයන්ට අහිමිවිමේ විශාල අවධානමක් පවතී.

මෙම අවසනාවන්ත තත්වය පිටු දැකීමට අධ්‍යාත්මීක වශයෙන් සිදු කරන ආගමීක වැඩසටනක් ලෙස මෙම වැඩසටහන මීගමුව කලපුව අභියසදී පැවැත්විණි. එහිදී ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සමාජිකාවන්  විසින් ආගමීක භාවනාවක් තුල මීගමුව කලපුව ආරක්ෂා කල යුතු බව පසක් කර ගනිමින් පොල් තෙල් පහන්  දල්වා එම පහන් කලපුවේ පා කර යවමින් සහ කලපුව අභියස තබා දේව කන්නලව්වත් සිදු කලහ. එහිදී ඔවුන් දෙවියන් යදිමින් ප්‍රාර්ථනා කරමින් පැවසුවේ දහස් ගනනකගේ ජීවිත පෝෂනය කරමින් අප ජීවත් කරවන අපේ කලපු අම්මා  සියළු විනාශකාරී මාර්ගයන්ගෙන් සහ සියළු විනාශකාරී ව්‍යාපෘති වලින්  රැකදෙන්න යනුවෙනි.මෙම කන්නලව්ව සදහා ඔවුන් තෝරාගෙන තිබුනේ හැමිල්ටන් ඇල සංවර්ධනය කිරිමේ ව්‍යපෘතිය යටතේ ගුරුගේ වැනි ව්‍යාපාරිකයන්ට කලපුවේ ව්‍යාපාරික බෝට්ටු සංචාරක කටයුතු සදහා ඉදිවෙමින් ඇති  ව්‍යපෘති භූමියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>