Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » තෝප්පුව ඇල ගොඩකළ ව්‍යාපාරිකයා උසාවි නියෝග කඩයි ??

තෝප්පුව ඇල ගොඩකළ ව්‍යාපාරිකයා උසාවි නියෝග කඩයි ??

කොච්චිකඩේ පිහිටි තෝප්පුව ඇල වසදමා තමන්ගේ ඉඩම් දෙකක්  යාකර ගැනිම වෙනුවෙන් අලුත් ඇලක් කැපු කැළුම් නැමැති ව්‍යාපාරිකයාට  එරෙහිව කෙච්චිකඩේ පරිසර පොලිසිය විසින් ගොනු කර තිබු නඩුවක් 2011 ජුලි 10 වන දින විභාගයට ගත් අවස්ථාවේදි නියෝග කිහිපයක් නිකුත් කර තිබේ.

එහිදී අධිකරණය විසින් ඒකී ව්‍යාපාරිකයාට නියෝග කර ඇත්තේ ඇල මාර්ගය ආසන්නව ඇති නිවාස පිහිටි ඉවුරු බැමි බැද සකස් කල යුතු බවකි . එලෙසම ඇල මාර්ගයේ නිවාස පිහිටි ස්ථානයේ සිට මහා මාර්ගය දෙසට ඇති බෝක්කුව දක්වා එම බැමි ඉදි කල යුතු බවටද නියෝග කර ඇත. එසේම දැනට කපා ඇති ඇල මාර්ගයේ පලල අඩි 20 ක් දක්වා කැපිය යුතු බවත් , ඇල ඉවුරු දෙපැත්තෙන් අඩි 06 බැගින් රක්ෂිත ප‍්‍රදේශයක් ( රෙසවේෂන් ) වෙන් කල යුතු බවත් එම නියෝග වල වැඩිදුරටත් දක්වා ඇත.

එහෙත් මෙම ව්‍යාපාරිකයා විසින් පළමුවෙන්ම සිදුකර තිබුනේ නිවාස පිහිටි කොටසේ පැත්තේ බැම්ම පටන් ගන්නවා වෙනුවට තමන්ගේ ඉඩම අාරක්ෂා කරගැනිම වෙනුවෙන් බැම්ම බැදිම ආරම්භ කිරිමයි.

මෙහිදද ඉතා පහැදිලි ලෙසින් අධිකරණය ලබා දි තිබුණ නියෝගයක් කඩකර තිබේ.එනම් ඇල මාර්ගය දෙපැත්තේ අඩි 6 ක් රක්ෂිතයක් වෙන් කළ යුතුව යන නියෝගයයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අදාල රාජ්‍ය නිලධාරින් පවසා සිටියේ මේ පිළිබදව තමන් අධිකරණයට දැනුම් දිමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>