Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » පුරවැසියන්ට අධිකරණයට යන්නට බැරිද මහරජ???

පුරවැසියන්ට අධිකරණයට යන්නට බැරිද මහරජ???

පසුගිය දිනවල මීගමුවේ සියලු පොස්ටර් අලවන පුවරු වසා තිබුන පොස්ටරයක් විය..එහි සදහන්ව තිබුනේ රට බෙදන පාක්‍ය සොති නඩයෙන් දිවි නැගුම පණත බේරා ගැනිම ගැනය

මහබැංකුව විසින් දි ඇති උපදෙස් වලට අනුව දැන් බැංකුවල පුද්ගලික ණය ලබා දිමද අත්හිටුවා ඇත.රජය පසුගිය කාලය පුරාවට විවිධ දහන් ගැට දැම්මේ කොතනද සල්ලි තියෙන්නේ ඒවා අරන් රට කෙසේ වෙතත් අපි ගොඩ යමු යන සංකල්පයේ  පිහිටාය.බැංකුවල සල්ලි ණයට නොදි ගොඩගසා යන්නට යන්නේද ඒ නිසාය.නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අර්ථ සාධකය ඩැහැගන්නට දැගලුවේද මේ අයුරින්මය.

දැන් මේ අයගේ ඉලක්කය සමෘද්ධි  සල්ලි වලට පිල්ලි ඇරිමය.

මෙයට එරෙහිව ආචාර්ය පක්‍යසෝති සරනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරිම නිසා අද ඔහුට එරෙහිව රජයේ ඇතැම් පාර්ශවයන් යුධ ප්‍රකාශ කර ඇත. පොස්ටර් ව්‍යාපාරයට එරෙහිව පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසා ඇත්තේ ………

තමන්ගේ පුද්ගලික වාසි තකා කේපී හුරතල් කරන ආණ්ඩුව වෙනත් පුද්ගලයන් වෙත රට බෙදනවා කියා චෝදනා එල්ල කිරීමට යාම බාල විහිළුවක් බවය.

. ආණ්ඩුව විසින්  රට පුරා ප‍්‍රදර්ශනය කර ඇති ‘රට බෙදන පාක්‍යසෝති කණ්ඩායම’ නම් පෝස්ටරය සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේය.

දිවි නැගුම පණත යටතේ සමෘද්ධිලාභීන් දහස් ගණනක් මහමඟට ඇද දමන්නට හා සමෘද්ධි බැංකුවල තැන්පත් කළ මුදල් අහිමි කරන්නට ද කටයුතු යෙදෙමින් පවතී. පණත ඔස්සේ පළාත් සභා බලතල යළි උදුරා ගැනීමක් සිදුවන නිසා බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හැම විටම බොරු කරන බවට පැතිර ඇති ලෝක ජනමතය තහවුරුවීමක්ද, සුළු ජාතික කොටස් අතර අවිශ්වාසය ගොඩනැංවීමක්ද සිදු වෙමින් පවතී. මෙමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ද සීමා පැනවෙන බැවින් මානව හිමිකම් හා අයිතිවාසිකම් පිළිබඳව ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත යළිදු ලෝකයා ඉදිරියේ පිළිබිඹු වීමක්ද සිදු වෙයි. 

 මේ කරුණු එකක් හෝ කීපයක් පදනම් කර ගනිමින් දිවි නැගුම පණතට විවිධ ආයතන, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිය විරෝධය පළ කර ඇත.

පණතෙහි ඇති මේ දුබලතා සහ අඩුපාඩු පිළිබඳව ගැඹුරින් හා විවෘත මනසින් සොයා බලා ඊට පිළියම් යොදනු වෙනුවට ආණ්ඩුව සිදු කරනුයේ විවිධ පහත් මාර්ග උපයෝගී කර ගනිමින් පණතට විරෝධය දක්වන පිරිස් වෙත මඩ ප‍්‍රහාර එල්ල කිරීමය. අද අලවා ඇති ‘රට බෙදන පාක්‍යසෝති කණ්ඩායම’ යනුවෙන් සඳහන් පෝස්ටරය ද මේ මඩ ප‍්‍රහාර මාලාවේම කොටසකි.

රට බෙදන්නන් යැයි කියමින් වෙනත් පාර්ශවයකට චෝදනා කිරීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත. රට බෙදීමට කැස කැවූ කොටි සංවිධානයේ ප‍්‍රබලයෙකු හා හිටපු නායකයෙකු වන කේපී හෙවත් කේ පද්මනාදන් නීතිය ඉදිරියට පමුණුවන්නට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වී ඇත. තමන්ගේ පුද්ගලික වාසි තකා කේපී හුරතල් කරන ආණ්ඩුව වෙනත් පුද්ගලයන් වෙත චෝදනා එල්ල කිරීමට යාම බාල විහිළුවකි.

එහෙයින් රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් ලෝකයා ඉදිරියේ අවමානයට ලක් කිරීමේ හා ජනතාවගේ අයිතීන් හා හිමිකම් උදුරා ගැනීමේ බොළඳ වැඩපිළිවල නවතාදමා දිවි නැගුම පණත පිළිබඳව යළි සළකා බලන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

 

 

2 comments

  1. yes Thats true

  2. දිවි නැගුම පනත සම්මත වුනොත්
    රුපියල් කෝටි ගණනක් බැසිල් හොරකම් කරනවමය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>