Saturday, May 25, 2013
Breaking News
You are here: Home » Stories » රජ්ජුරුවන්ගේ දූපතෙන් මීගමුව කලපුවට බෝට්ටු සේවාවක්…?

රජ්ජුරුවන්ගේ දූපතෙන් මීගමුව කලපුවට බෝට්ටු සේවාවක්…?

මීගමුවේ අසිරිමත් පාසලට යාබදව පිහටා ඇති පාලම අසල කලපුව සිමාවේ මීට වසර ගණනාවකට පෙර සිට කිසියම් ඉදිකිරිම් සමුහයක් සිදුවෙමින් පැවතුනද මීගමුවේ ජනතාවට පමණක් නොව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරින්ට පවා මෙය කුතුහලය දනුවනු ලැබුවක් විය.මෙම ව්‍යාපෘතිය පිළිබද ජනාතවට මෙන්ම ආදාල රාජ්‍ය ආයතනවලට පවා ප්‍රමාණවත් අවබෝධයක් නැති බව පිළිබද ප්‍රශ්ණය මෙවර පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද අවධානයට යොමුව තිබුනද දේශපාලන අධිකාරිය විසින් ඒ සභාවට දන්වා තිබුනේ සියළු දෙනා මේ සදහා අනුමැතිය ලබා දි ඇති බවය.

ගුරැගේ නම් ව්‍යාපාරිකයා විසින් මීගමුව කලපුව තුල සහ එහි සිට හැමිල්ටන් ඇල හරහා හම්බන්තොට දක්වා සුපිරි සංචාරක බෝට්ටු සේවාවක් දියත් කිරිම තම අරමුණ බව මීගමුවේ මහනගර සබාවේ පැවැති ප්‍රසිද්ධ රැස්විමකදි ප්‍රකාශ කර තිබුණි. ඒ මීට වසර ගණනාවක පෙරය.තතු එසේව තිබියදි  පසුගිය මහසභා රැස්විමකදි කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව  ගුරුගේ නම් ව්‍යාපාරිකයාට හැමිල්ටන් ඇලේ මාස 6 ක සදහා කාලයකට දිනකට බෝට්ටු 3  බැගින් ධාවනයට අවසර ලබා දි තිබුණි.මේ පිළිබදව අප ි මහජනයා වෙත කරුණු හෙළිදරව් කිරිම නිසා මීගමුව නගරාධිපතිවරයා විසින් අප පුවත්පතට අප්‍රසාදය පළ කිරිමේ යෝජනාවක්ද ගෙන ආවේය.

දැන් ගුරුගේ නම් ව්‍යාපාරිකයා විසින් හිමිකාරිත්වය දරන කිංග්ස් අයිලන්ඩ් විසින් මීගමුව කලපුවේ සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇති අතර එහි ගාස්තුව පැයකට රු 6000 කි.මෙවන් ව්‍යාපාරික බෝට්ටු සේවාවක් කලපුව තුල ක්‍රියාත්මක කිරිටම අවසර දි ඇත්තේ කව්ද.ප දන්නා තරමින් කිසියම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ව්‍යාපාර ලියාපදිංචියක් සිදු කිරිම අනිවාර්යයක් වුවද අදටත් එසේ වි නොමැත.

රජුන්ගේ දුපතට මේ නිතිය වලංගු නැතිදැයි අපට අසන්නට වන්නේ ඔහුව සුරතල් කරන මීගමුවේ  දේශපාලන අධිකාරියෙනි.

 

 

රජුන්ගේ දුපතේ බෝට්ටු සේවාවේ ටිකට් කවුන්ටරය

 

  • Walimeeya

    Guruge kiyanne patta horek..moo gedara wadata inna podi kellata wath inna denne na..