Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » ශ්‍රි විමුක්ති කාන්තාවන්ගෙන් විරෝධතා පාගමනක්.

ශ්‍රි විමුක්ති කාන්තාවන්ගෙන් විරෝධතා පාගමනක්.

ඔක්තෝබර් 09 වැනි (අද) දිනට යෙදුණු ලෝක ආහාර දිනය නිමිත්තෙන් මීගමුව ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් ඊයේ දිනයේ  විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි.

රජය විසින් සංවර්ධනයේ නාමයෙන් සිදු කෙරෙන බොහෝ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් හේතුවෙන් ආහාර නිෂ්පාදනය සදහා අත්‍යාවශ්‍ය සාධක වන භූමිය, ජලය සහ බීජ වලට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් තිබෙන අතර විශේෂයෙන්ම  සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සදහා යැයි කියමින් මීගමුව තුල සිදු කෙරෙන ඇතැම් ව්‍යාපෘතීන් ස නිසා  මීගමුව කලපුවට සහ කලපුව ආශ්‍රිත කඩොලාන ශාඛ පද්ධතියට දැඩි විනාශයක් සිදු වේ.

ඒ පිලිබදව වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු සමස්ථ ජනතාව දැනුවත් කිරීම මෙම විරෝධතා පා ගමන පැවැත්විමේ මුලික අරමුණ වී තිබිණි.

මීගමුව කොටුව පිට්ටනියෙන් ආරම්භ වූ මෙම පා ගමන ග්‍රින්ස් පාර ඔස්සේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අභියසට පැමිණ  උද්ඝෝෂනයක පැවැත්විමෙන් අනතුරුව නිමා විය. එහිදී ඔවුන් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශයේ ජනතා නායක දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේ තමන් ඇතුළු තම පවුල් පෝෂනය කරන මෙම ස්වභාවික සම්පත් විනාශ නොකරන ලෙසයි. එමෙන්ම ඔවුන් විශේෂයෙන්ම ඉල්ලා සිටියේ කලපුව  සහ ඒ ආශ්‍රිත පරිසරය විවිධ ව්‍යාපාරිකයන්ට සහ ධනවතුන්ට නීති විරෝධීව නොවිකූණන ලෙසයි. මෙවර ලෝක ආහාර දිනය සැමරීමට සමගාමීව ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය මගින් වැඩසටහන් සතියක් නම් කර එම සතිය තුල විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණු අතර මෙම විරෝධතා පාගමන එම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකි.

මෙම පාගමනට ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සමාජිකාවන්ට අමතරව ආගමීක නායක නායිකාවන් ඇතුඵ වෙනත් වෘත්තීය සමිති සංවිධානවල සමාජික සමාජිකාවන් සහ සිවිල් පුරවැසියන් විශාල පිරිසක්ද සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>