Thursday, June 20, 2013
Breaking News
You are here: Home » Stories » හලාවත ධීවරයාගේ මරණය මාධ්‍ය අමතක කරයි.

හලාවත ධීවරයාගේ මරණය මාධ්‍ය අමතක කරයි.

රජය විසින් ධීවරයන්ට දරාගත නොහැකි ලෙසින් වැඩිකිරිම හේතුවෙන් බටහිර සහ වයඹ වැල්ල තීරයේ ධීවරයන් විදිවලට පැමිණියේ කාගේවත් උසුගැන්විම් වලට නොවේ . වැඩි වු තෙල් මිළ දරාගත නොහැකි නිසාවෙනි.

හලාවත තාලාදිවැල්ලේ වර්ණකුලසුරිය ජේසුමරිය කිංග්ස්ලි පොලිස් වෙඩිපහරට ලක්වුයේ 2012.පෙබවාරි 15 වෙනිදාය.පාදයක් අහිමිව අසරණව සිටි කිංගස්ලි පවුලේ ජිවන වේදනාවන් දරාගත නොහැකි වු තැන ඔහුට වෙඩි වැදි සිව් මසක් පිරැණ දා සිය නිවසේ දි ගෙලවැල ලාගෙන මියගියේය.

හලාවත ධිවරයන්ගේ අරගලයේ දි දිවි පරදුවට තබමින් සිය මාධ්‍ය මෙහෙවරේ යෙදුන ප්‍රසාද් පුර්ණිමාල් ඊයේ දිනයේත් තාලාදිවැල්ලට ගියේ මේ අවාසනාවත්ත මරණය ගැන ලොවට කියන්න සිය මාධ්‍ය භාවිතාව ක්‍රියාත්මක කරන්නටය ඒ ගමේ අසරණ ධීවර ජනතාව සමගින් හිදිමින් ඔහු සිය යුතුකම මැනවින් ඉටු කළද එයට කටහඩ දෙන්නට මාධ්‍යයක් නොවිය.

ප්‍රධාන පෙලේ මාධ්‍ය හැසිරෙන අන්දම ගැන හොදින් දන්නා ධිවරයන් ප්‍රසාද් ට මෙන්ම අන් අයටද කියා සිටියේ මහත්තයා ඔයා ටි.වි වල දාන්නේ නෑ.වැඩක් නැ ගත්තට කියාය.ඒ අසරණ ධිවරයන් කි කථාව සත්‍යයක්ම විය.ප්‍රධාන ධාරවේ කිසිදු මාධ්‍යයක් මේ සදහා ආවරණයක් ලබා දි තිබුනේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>