පවුලේ අපල ගැන කේන්දර බලා එන මගදී හමුවු මරණය

Photos were posted on 20 පෙබ 2012 at 12:55ප.ව.

ඊයේ සවස  ඉතා ශෝකාකූල ලෙස මාපිය යුවලක් සිව් පුතුන් 4 දෙනෙකුට අහිමි විය. ඒ දාගොන්න පුදේහයේ දීයි.  වැඩිමල් පුතාට හදිසියේ රක්ෂිත බන්ධානාගාරගත විමට සිදුවීම නිසා මේ මාපිය දෙපල ඔහුව නිදහස් කර ගැනීමට අදාල නීතිමය කටයුතු හා ආර්ථික අපහසුකම් විසදා ගැනීමටත්  දවසම වෙහෙසවි ඇත. ඒ  අතර  පවුලේ  කරදර වැඩිවීම පිළිබදව තවදුරටත්  හිතයොමා ඇති මෙම පවුලට  සහනයක් ලබාගැනීම පිණිස කේන්දරයක් රැගෙන පදේශයේ පන්සලකට මෙම දෙපල ගොස් ඇත. පන්සලේ සිට එන ගමනේදී  තමන් ඉදිරියෙන් ගමන්ගත් ත්‍රීවීලරයක් ඉස්සරට කරන්නට යාමෙන් කන්ටේනරයක ගැටී ඔවුන් ගමන් ගත් යතුරැ පැදිය බරපතල ලෙස අනතුරට ලක්වී ඇත. එම දෙපළම වැඩි වේලාවක් නොගෙස් ජීවිතක්ෂයට පත්වූ බව මාධ්‍ය වාර්තා කළේය.මෙම අනතුරින් මියගියේ චූලනී ප්‍රියංවදා මුනසිංහ (42) සහවලිසිංහගේ  සුනිල් රත්නසිරි (46) යන විවාහක යුවලයි. ඔවුන්ට පිරිමි දරැවන් සිව්දෙනෙකු සිටින අතර මිය යන විට සුනිල් රත්නසිරි මරදගහමුල්ල සෙලාන් බඅංකුවේ සේවය කරමින් සිට ඇත. ඔවුන් පදිංචිව සිටියේ  w/2- විජේවත්ත -කිඹුලාපිටිය නම් ලිපිනයෙහිය.

 

 

 

 

 

 

 

ඡායා – රේමන්ඩ් අපෝන්සු

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 3 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 3 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 3 images.

  • Wishwacom

    so sad…word less ….
    නොවන්න මෙවන් විපතක් කිසිදා යලිත් …………….:(((

Advertisement