බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අද පවත්වන්නට නියමිත 2012 ලක්ස් සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මාන ලැබීමට නියමිත ටෙලි ශිල්පීන්ගේ නිර්දේශිත නාම ලැයිස්තුව දැන් නිකුත්ව ඇත.
පාඨක ඡන්දයෙන් ජනප්‍රියම නළු නිළියන් හා ටෙලිනාට්‍ය තේරීමේ කටයුත්ත පුවත්පත් මාධ්‍යයෙන් වෙනම පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ උත්සවය පැවැත්වෙන මොහොතෙදිය.
මේ සදහා මීගමුවේ කලාකරුවන් තිදෙනෙකුගේ නම්ද නිර්දේශිත නාමයෝජනා අතරට එක්ව ඇත.
ඒ පින්සර දොස්තර ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සුනිල් කොස්තා සහ එහි සංගීත අධ්‍යක්ෂක දිනේශ් සුභසිංහ ද කඩදොර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක රජිව් ආනන්ද වශයෙනි.
සිය කලාභාවිතාව තුල කවදත් වෘත්තිය නිපුණතාව සහ නිර්මාණිශිලිබව ඉහලින්ම ලකුණු කොට තබන ඔවුන් තිදෙනාට අපේ සුභ පැතුම්..












