Friday, March 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img

වෛද්‍ය කවුන්සිලයේ කණෙන් රිංගු මීගමුවේ තවත් අය මෙන්න ???

Must read

නිතිය අතික්‍රමණය කර ඇත.එදා දේශපාලකයන් සහ ඔවුන් ගේ ගෝලබාලයන් නිතියට වෙට්ටුදා නිතිය මඟ හරින පසුබිමක සිට අද එය වෛද්‍යවරුන් අතින් පවා සිදුවන අන්දමේ අර්බුදයකට මේ සමාජය දැන් ගමන් කර තිබේ.

මීගමුව රෝහලේදි තරුණියක් දූෂණය කර  හයවන මහලෙන් බිමට දමා ඝාතනය කලේය යන චෝදනාව මත විවාහක සිමාවාසික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටියදි ඇප ලබා එලියට පැමිණි ඔහු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් පුද්ගලික ඩිස්පැන්සරියක බෙහෙත්දිම අරඹයි. මේ ඩිස්පැන්සරිය අයත්ව සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලයක් දැරෑ අයෙක්ටය තමන්ගේ ඩිස්පැන්සරියේ බේත් දෙන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැති අයෙක් බව හේ  හොදින් දනි.

මෙහි සදහන් ඇතැම්  දෑ  වෛද්‍ය කවුන්සිලය ඇතැම් විට නොදැන සිටියත් වෛද්‍ය පානාවැන්න මහතා ඇත්තටම නොදන්නේද????????? අපි මීට දින කිපයකට පෙර අපගේ වෙබ් අඩවියේ ලිවෙමු අපට අනුව වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න දැන දැන වැරදි කිපයක්ම සිදු කර තිබුණි.

1.අප දැනටමත් හෙළිදරව් ඇති අදාල ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවල වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ නම් ඇත. ඉන් එක් අයෙක් වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න යන අයයි. ඔහු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි තිබුනේ 1999. 11.11 වන දිනය. ලියාපංචි අංකය 14748 වේ. වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නම් www.srilankamedicalcouncil.org වෙබ් අඩවියට ගොස් ඒ ලියාපදිංචි අංකය ඇතලත් කිරිමෙන්  විස්තර සපයා ගැනිමට පුළුවන.

2.ඒ අනුව අප වෛද්‍ය පානාවැන්න මහතාට අමතර එකි ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවේ ඇති අනෙක් වෛද්‍යවරයා පිළිබදව වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියෙන් සොයා බැලුවද එවැන්නෙක් ගැන කිසිදු සදහනක් එහි නැත. එසේ නම්  මහජනයා නොමග යැවිම සදහා වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය යන නම යොදා ඇත.

මෙහිදි අපට මතුවු සැකය වුයේ මෙහි සදහන් වෛද්‍ය ඉන්දික ඒස් බාලසුරිය යනු සියල්ලෝම රැවටිම සදහා සුදර්ශන බාලගේ විසින් යොදන්නට ඇති නම බවය. ඒ අනුව සුදර්ශන යන නම යොදනු වෙනුවට ඔහු ඉන්දික යන නමට පසු S. අකුර පමණක් යොදයි. එමෙන්ම බාලගේ යන ඇත්ත නමට ලගින් යන බාලසුරිය යන්න යොදාෙගන  ඇත.

එහෙත් ලියාපදිංචි අංක 22692 යටතේ ඉන්දික එස් බාලසුරිය යනුවෙන් වෛද්‍යවරයෙක් නැත.

එ් අනුව සුදර්ශන බාලගේ විසින් වෛද්‍ය කවුන්සිලියේ නැති වෛද්‍යවරයෙක් නිර්මාණය කර ඇත.

ලංකා වෛද්‍ය කවුන්සිලයත්  නොදැන සිටි සුදර්ශන බාලගේ පමණක් දැන සිටි කරුණක් පසුගිය දිනවල හෙළිදරව් කරගැනිමට ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ට හැකිවිය.

. එනම් ඔවුන්ගේ වෙඩ් අඩවියේ දකුණු පස කෙළවරේ ඇති Search. යන්නට ගොස් 22692 යන අංකය ලබාදුන් විට ඒහි ප්‍රථිඵලය  වම්පසින් දිස්වන්නට පටන් ගනි. එහි ඇති නම වන්නේ  I.S.Balage  ය. එනම් අපට අනමාන කළ හැක්කේ ඉන්දික සුදර්ශන බාලගේ යන නමය.

මෙවන් වංචා සිදුකරමින් රෝගින්ට ප්‍රතිකාර කරන්නට තමන්ගේ ඩිස්පැන්සරියේ ඉඩලබාදිම සම්බන්ධයෙන් තමන්ගේ කවුන්සිලයේ ලියාපදිංචි වි ඇති වෛද්‍ය ඉන්ද්‍රජිත් මහතා කැදවා පියවරක් ගතයුතුව ඇති බවට වෛද්‍ය කවුන්සිලය කටයුත් කළ යුතු යැයි  තවදුරටත් සදහන් කළේය.

මේ සියළු තොරතුරු අප අවස්ථා කිපයකදිම හෙළි කළෙමු. මෙයට අමතරව අප විසින් මීට වසරකට පෙරද අපගේ පුවත්පත හරහා මේ නිතිවිරෝධි ක්‍රියාව ගැන සදහන් කළද කිසිදු වෙනසක් සිදුනොවි ඒ සියල්ල එලෙසින්ම සිදුවිය.

එහෙත් අප විසින් සිදු කරන ලද ඉතා පැහැදිලි කරුණු සහිත හෙළි කිරිම් පිලබදව  පුළුල් සාකච්ජාවක් මීගමුවේ සහ අවට වෛද්‍යවරුන් අතරත් වෛද්‍ය කවුන්සිලයේත් තවත් වැදගත් ස්ථාන කිපයකමත් සිදුවෙමින් පැවැති බවට අපට නිරන්තරයෙන්ම තොරතුරු හෙළි විය.

මෙහි පථිපල ලෙසින් වෛද්‍ය පානාවැන් න මහතා තමන් අතින් සිදුවු වු වැරැද්ද මීගමුව රෝහලේ වෛද්‍යවරැන් ඉදිරියේ නිවරදි කරමින් තමන්ගේ කුරණ ඩිස්පැන්සරියෙන් සුදර්ශන බාලගේ ඉවත් කිරිමට තිරණය කරනු ලබයි.

පමාවි හෝ ඔහු සිදු කළ මේ නිවරදි කිරිම අපි අගේ කරමු.

එහෙත් වෛද්‍ය වෘත්තිය ලක්ව ඇති බරපතල අර්බුදයේ පුමාණය මේ සමාජය තුල නැවතත් ලකුණු කළ යුතුව තිබෙන නිසා පහත අවධාරණයන් මතු කළ යුතුව තිබේ.

1.සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් මීගමුවේ නැද්ද??

ශ්‍රි ලංකාවේ පවතින නිතිය අනුව ප්‍රදේශයක නිත්‍යාණුකූල නොවන වෛද්‍යවරයෙක් සිටි නම් ඔහු පිළිබදව කටයුත කිරිමේ වගකිම පැවරෙන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාටය. වෛද්‍ය පනාවැන්න මහතාගේ මේ කුරණ ඩිස්පැන්සරියේ සුදර්ශන බාලගේ යොදාගනිමින් ප්‍රතිකාර කිරිම සිදුකෙරෙන්නේ දැනට වසර 2 කක පමණ සිටය.එහෙත් මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මේ පිලිබදව කිසිදු මැදිහත් විමක් සිදුකර තිබුනේ නැත.මෙහි ඇති දෛවයේ සරදම වන්නේ මීගමුවේ පද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන් විසින් පිහිටුවාගෙන ඇති සංගමයේ සභාපති වන්නේ මීගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වන  වෛද්‍ය ලක්ෂ්මන් මහතාය. ඒ සංගමයේ ලේකම් වන්නේ  වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්නය.ඉතින් අපට මුලින්ම අසන්නට ඇත්තේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මේ කිසියවක් නොදන්නේද යන්නයි. එමෙන්ම ඔහු තම රාජකාරිය මේ කරුුණු අරභයා ඉටු කලේද යන්නයි.

2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අයියා වු කළ ??

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාට නම් වෛද්‍ය විජයලත් අයියා ය. එහෙත් මීගමුවේ මහජනයාට ඔහු මේ ප්‍රදේශයේ මහජනයා වෙනුවෙන් පෙනි සිටින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියායි.ඒ අනුව අප  විසින් සිදු කරන ලද  මේ කරුණු කිසිවක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා ලෙසින් ඔහු  නොදැන සිටියේද??

3.වෛද්‍ය වෘත්තියේ ගරුත්වය රකින්නට පෙරට එන්නට එකදු  වෛද්‍යවරයකේ හෝ මීගමුවේ  නොසිටියේද??

මේ බරපතල වෘත්තිමය වැරැද්ද හමුවේ වසර 2 කක් පසුවි හෝ සිය වෘත්තිය සාදාචාරය ගැන සිතා වෛද්‍ය පානාවැන්න විසින් සිදු කරගෙන ගිය මේ වැරැද්දට තදින් සිටින්නට පියවර ගැනිම ගැන ඊට මුල් වු වෛද්‍යවරුන් අපි අගයමු. එහෙත් මාධ්‍ය විසින් කිසිවෙකුටත් ගැලිවි ගත නොහැකි ලෙසින් සියළු හෙළිදරව් කිරිම් නොකර සිටියේ නම් තවත් වසර කියක් නම් මේ වෘත්තිය වැරැද්ද සිදුවිමට නියමිතව තිබුණිද..???

4.රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ට සිය වෘත්තිය ආචාර ධර්ම ප්‍රසිද්ධියේ කඩකරන අය සම්බන්ධයෙන් ගතු යුතු පියවර ගැන විනය නිති මාලාවක් තවමත් නැතිද??

අප දැනටමත් හෙළි කර ඇති පරිදි  වෛද්‍ය පානාවැන්න  රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මීගමුව ශාඛාවේ ක්‍රියාකාරි නිළධාරියෙක්ව සිටියේය.ඉතින් මේ බරපතල වැරැද්ද ඔවුන් නොදැන සිටියේද??? දැනගත්තක් තමන්ගේ නායකයෙකු නිසා නිහඩව සිටියේද???

මේ සියල්ල ගැන සලකා බලන විට අද දේශපාලකයන්ගේ සිට  සියළු වෘත්තිය ක්ෂේත්‍ර තුල නිතිය අතික්‍රමණය කොට කෑලෑ නිතිය ස්ථාපිත කරගැනිමට සැකසෙමින් ඇති ඉඩ ගැනත් සියල්ලෝ ඒ ගැන නිහඩව සිටිම විග්‍රහ කර ගැනිමට  මීගමුවේ මේ උදාහරණය තරම් තවත් හොද එකක් තිබේද??



 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article