Monday, December 18, 2017
Breaking News
You are here: Home » Tag Archives: politics

Tag Archives: politics

Feed Subscription

විප්ලවයේ කියුබානු සලකුණ : ෆිදෙල් කස්ත්‍රෝ සමුගනියි

JS114623529-fidel-castro-main-large_trans++m_-n5FblqfCANfWFlDisS9pMn2QDK__vrbDRot1kmLg

කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව වර්තමාන කියුබානු ජනාධිපති රවුල් කස්ත්‍රෝ විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.මියයන විට ෆිදෙල් කස්ත්‍රෝ 90වන වියෙහිපසුවිය. උතුරු ඇමරිකානු ප්‍රබල හස්තය ඉදිරියේ දශක ගණානවක් පුරා කියුබාව තුළ සමාජවාදී පාලනයක ගිණි සිළුව දල්වන්නට තරම් වූ නිර්භීත ,බුද්ධිමත්,මානව හිතවාදියෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු විප්ලවය මෙහෙයවා 1959 වසරේදී බලයට පැමිණියේය. සමාජවාදී  කියුබාව තුළ වසර ... Read More »

හොරු ඇල්ලීමේ දේශපාලන ව්‍යාපෘතියේ ගමනක අවසානය! -සුදර්ශන ගුණවර්ධන

basi nimal

මේ වසර ආරම්භයේදී රජය විසින් ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (Constitutional Assembly) ලෙස රැස්වන පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් (Commitee of the Full House) තුළට සීමා වී ඇති සෙයක් පෙනෙයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ ඇති විය යුතු අත්‍යවශ්‍ය විවාදය සඳහා ආණ්ඩුව ... Read More »

ලංසා, රන්මුතු හවුල රහිමියා හෝටලයට රාජ්‍ය දේපල වික්ක හැටි හෙළිවේ ?

lansa 6

රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙනන ආ අවස්ථාවේ එය සංවාදයට ලක්විම වලකා ලමින් එදින සභාව  විසින් එය අවංලගු කර තිබුණි . මේ නිසා ඒ ඉඩම් කොල්ලය සභාවේ සංවාදයට ලක්විමත් ජනතාව අතට පත්විමත් මේ නිසා වැලකුනි.එදින විපක්ෂ නායකවරයා විසින් කරන්නට සුදානමින් සිටි ... Read More »

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මීගමුවේ දී ජනතාව අමතයි

Vijayenthiran

නොවැම්බර් 30 වනදා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විසින්  ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජනතාව දැනුවත් කිරීම සහ ගම්පහ සංවිධායකධූරය මෙන්ම මාධ්‍ය ලේකම් පත්කිරීමේ උත්සවයක් මීගමුවේදී පැවැත්විය. මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ආචාර්්‍ය වික්‍රමබාහු කරුණරත්න සහ තවත් දේශපාලන නායකයන් සහභාගී වූහ. ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන් Read More »

ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

DSC01451

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල් ගෙදර ලැබුන මුදල් ආධාරය නැතිනම් අලුතින් හදන දුවගේ ගෙට ලැබුන සිමෙන්තිය. තවත් අය විවාහ විමට බලාසිටින්ෙන්ද ආණ්ඩුවෙන් ලැබෙන ඇප උපස්ථාන සියල්ල ගැන සිහින දකිමිනි. කෙසේ හෝ නගරයේ වසරක සංවර්ධනය පිළිබදව වැදගත්ම සැලසුම් ලියවිල්ල වු මේ ගැන ... Read More »

මීගමුව නගාරික කොමසාරිස් ටෙන්ඩර් කොන්දේසි ගැන දන්නේ නැතිලු.

මේ දිනවල නගරයේ තරමක් උණුසුමකට ලක්වෙමින් ඇති ගැටළුවක් තිබේ.ඒ මංකුලිය ලෙල්ලම අසල මහා මාර්ගය දෙපස මාළු අලෙවි කිරිම නිසා මහජනයා හට දැනට වසර ගණනාවක් පුරා අත්විදින්නට සිදුව ඇති ගැටළුවයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මේ මාර්ගය තලාහේන පේරුවේ දහස් ගණනක වු ජනයා නගරයට ඒමට භාවිතා කරන එකම මාර්ගය වේ.සතියේ දිනවල මේ හරහා පාසැල් කරා මෙන් රැකියා ස්ථාන කරා ඇදෙන දහස් ගණනක් ... Read More »

පුංචි රෝමයේ පාලනය පාතාලය අතේද..?

මීගමුව ශි‍්‍රලංකාවේ කතෝලිකයන්් අතිබහුතරයක් ජීවත්වන ප‍්‍රධානතම නගරය  ලෙස සැලකේ.මේ නිසාම එයට පුංචි රෝමය යැයි ජනවහරේ යෙදේ. මීගමුවට ඇතුළුවන  ඕනෑම අයෙකු දකින්නේ හංදියක් ගානේ ඉදිවි ඇති කිතුණු ප‍්‍රතිමාය.එක ගමකට කිපයක් බැගින් දෙව්මැදුරද පිහිටා ඇත. මේ අසලින් යනෙන බහුතරයක් බැතිමතුන් හිසනමා සිය භක්තිය විවිධ ලෙසින් අභ්‍යාස කරති. මෙසේ බැලූ බැල්මට එය දෙවියන්ගේ නගරයක් බදු වුවද අද මෙහි ඇත්ත පාලනය සිදුවන්නේ මේ සියළු ... Read More »