අඩුවට ෆයිසර් තියෙද්දි වැඩිමිලකට චීන එන්නත ගත්තේ ඇයි?

0
65

එන්නත අරභයා ඉතා වැදගත් කරුණු හෙළිදරව්වු සංවාදයක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදි සිදුවිය.

ඒ කරුණු ඉතාමත් වැදගත් වන්නේ එන්නත පිලිබදව ඉතාමත් වැදගත් අදියරකට ලංකාව දැන් පත්වෙමින් තිබෙන පසුබිමකය.

තරුණ ප්‍රජාව එන්නත ලබාගැනිමට දක්වන උනන්දුව අඩුවිම නිසාම ගැටලු රැසක් දැන් මතුව තිබේ.ඒ අය විසින් මතුකරන කරුණ සැබැවින්ම සාධාරණය.දැනටමත් කරුණු හෙළිදරව් වෙමින් ඇති ආකාරයට පැති ගණනාවකින්ම ෆයිසර් එන්නත මේ වසංගතයට මුහුණ දිම සදහා හොදම එන්නත බවට පැවසේ.අනික් පැත්තෙන් ගත් කළ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව උසස් අධ්‍යාපනයට මෙන්ම විදෙස් රැකියාවන් කරා යොමුවිමටද දක්වන වැඩි කැමැත්ත නිසාම චීන එන්නතට වඩා ෆයිසර් ලබාගැනිමට දක්වන උනන්දුව ඉතාමත් සාධාරණය.

පසුගියදා හි⁣ටපු සෞඛ්‍ය ඇමති රාජිත විසින් හෙළකරන්නට යෙදුන මිළ ගණන් සැබැවින්ම නිවරදි නම් මේ පාලකයන් විසින් චින එන්නතට වැඩිමිළක් ගෙවා ලබාගත්තේ ඇයිදැයි මේ තරුණ ප්‍රජාව දැන් ඉදිරියට පැමිණ සැරෙන් වැරෙන් ප්‍රශ්ණ කළයුතුව තිබේ.එදා රාජිත පැවසු පරිදි ෆයිසර් එන්නතක් ඩොලර් 5ක් වෙද්දි චීන සයිනොෆාම් එන්නතට රජය ඩොලර් 15 ක් ගෙවා තිබේ.

මෙතන ඉතා පැහැදිලි වංචාවක් මෙන්ම ජනතාවට හොදම නොදිම කොමිස් මඩි තර කර ගැනිමට චන්නලා කටයුතු කර ඇති බවට වන චෝදනා නිකම්ම බැහැර කළ නොහැකිව තිබේ.

වයස අවුරුදු 60 වැඩි අයට තෙවන හොඳ එන්නතක් ලබාදිම ගැනද දැන් කතාවෙමින් තිබේ.ඒසදහා ප්‍රමාණවත් ෆයිසර් ඇතැයිද කියැවේ.ඉන් පැහැදිලි වන්නේ චීන එන්නතට වඩා ෆයිසර් එන්නත ඉතා ඉදිරියෙන් තිබෙන බව නොවේද?

සැබැවින්ම දැන් මේ පාලකයෝ අතදිගහැර ෆයිසර් ඇණවුම් කර ඇත්තේ ජනතාවට ඇති ආදරයට නම් නොවේ.එයට ඇත්ත හේතුව නම් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 100 ක් ලබාදිමට නියමිතව ඇති බැවිනි.

මේ පාලකයන් ඇත්තටම මේ රටේ ජනතාව ගැන සිතුවේ නම් සිය සියලු හැකියාවන් සම්බන්ධකම් යොදා හොඳම එන්නත මෙන්ම අනෙකුත් අවශ්‍ය තා නිසි පරිදි කටයුතු කලයුතුව තිබුණි.

එහෙත් මේ පාලකයන් කලේ මුට්ටි පාකරමින් ,පැණි බෙදමින් ජනතාවට මරනයට තල්ලු කරදැමිමය.විද්‍යාව වෙනුවට මිත්‍යාව ප්‍රවර්ධනය කළ ජනාධිපති කිසිදු හිරිකිතයකින් තොරව ජගත් සමුළුව අමතා සිය තේරිම විද්‍යාව බව කියමින් එන්නත්කරණය ගැන පම්පෝරි කීවේය.

තිත්ත ඇත්ත එයයි.ලෝක නායකයෝ මේවා ගැන නොදන්නවා විය හැක.⁣දෛවයේ සරදමකට මෙන්ම ජනපති නිව්යෝක් නුවර සිටියද්ම කුණ්ඩලකේෂී බලයෙන් කොරෝනා සුව කරනවා යැයි කියා මුට්ටි පා කළ රාජකීය වෙදා කොරෝනා නිසාම මිය ගියේය.