ආචාරධර්ම නොදන්නා මිගමු ප්‍රධාන පුරවැසියාගේ බුකි පිටුව ?

0
109

Dayan-and-Farees-2අද ලෝකය පුරාම කතිකා කරමින් සිටින්නේ ආචාරධාර්මික මුහුණු පොත් සංස්කෘතිකයක් ගොඩනැගිම ගැනය.මුහුණු පොතේ නිර්මාතෘ ඇතුළු පිරිසද මේ වන විට ඒ සදහා මහත් වෙහෙසක් ගනිමින් සිටිති.ලෝක අන්තවවාදින්ගේ කුරිරුකමේ තරම යළිත් ලොවට කියමින් පසුගිය පාස්කු ඉරිදා මිගමුවට ඇතුලුව ඉල්ල වු ප්‍රහාරයන්ට අදට මාස 2කි.ඉන් ඇතිවු ගින්දර තවමත්.රටම වෙලාගෙනය.අප සැම.දැන් එක්විය යුතුව ඇත්තේ ඒ ගිනි නිවිමටය.එහෙත් දැන් සිදුවන්නේ චාරයක්,නැති ආචාරධර්ම නොදන්නා වුන් නිසා සිදුවන්නේ ඇවිලෙන ගින්නටද පිදුරු වැටිමය.මිගමුවේ ප්‍රධාන පුරවැසියා යන තනතුර මිගමුව ඉතිහාසයේ හිමිනොවියම යුතු කෙනා අතට පත්ව තිබිම හේතුවෙන් කුම්ඹලා මාළු කැවා නම් දුක්විඳපන් බළලෝ යැයි කියන්නට මිගමුවේ ජනයාට දැන් සිදුව තිබේ.අද දිනයේ මිගමුව නගරාධිපති දයාන්ලංසා විසින් සිය මුහුණුපොතට එක්කර තිබුනේ අද දවසට පමණක් නොව මුහුණුපොතේ අචාරධර්ම වලටද පටහැනි ඡායාරුප පෙළකි.මියගිය අයගේ මස්වැදලි සහිත ඡායාරුප පෙලක් මේ පිටුවට එකතුකරන්නට චාරයක් නැති මේ අය විසින් ක්‍රියාකොට තිබුණි.නගරාධිපති⁣ටම ගැලපෙන ආචාරධර්ම නැති කාර්ය මණ්ඩලයක්ද සිටි.මේනිසාම මේ ඇතැම්.පින්තුර මුහුණුපොතේ.කාර්ය මණ්ඩලය විසින්ම ඉවත්කර තිබේ.ප්‍රධාන පුරවැසියාගේ තනතුරුට මැරයෙකු මදාවියෙකු පැමිණිකළ එය මුහුණුපාතට ද බලපාන බව අද සකර්බර්ග් පවා දැනගෙන තිබුනි.