ආර්පිකෝ ඉදිරිපිට අනතුරුදායක කාණුවක් ?

0
151

DSC_0053 පළල්වු  කාණුව   අපට  අනතුරු  දායක ස්ථානයක් ලෙස පවතී.  ඒ  අසල ඇති Kisds Land   නම්  ව්‍යාපාරික ස්ථානයේ  කළමණාකරු වන  රොෂේන්  ඩේමියන්   මහතා  පවසන්නේ   මෙම ස්ථානයෙන්   විශාල  වාහන  සංඛ්‍යාවක්   ගමන්  කරන  අතර ජනගහන  තදබදය  වැඩි  කාර්යබහුල  තැනක්  හෙයින්  මෙම කාණුවට   යම්කිසි  පිළියමක්  යෙදීම  වැදගත්  වන බවයි.
මෙහි  ඉදිරියෙන් ඇති   මාළු අපනයනය  කරන  ආයතනයෙන්  අඩි 10-14 පිෂර්  වාහන නිතර  ගමන් කරයි. එසේම  ආර්පිකෝ  ආයතනයට  බඩු ප්‍රවාහනය කරන විශාල  වාහන  සහ   මිනුවන්ගොඩ  සිට එන  බස් රථ ද  මෙම ස්ථානයෙන් ගමන්  කරයි.   වැසි  දිනවලදී  ගංවතුර  නිසා  කාණුව පිරී යන අතර  නොදන්නා  කෙනෙකුට  කාණුව ද   නොපෙනේ.
මේ  පිළිබදව  මීගමුව  නගරසභාවේ  කොමසාරිස්  වරයාගෙන්  විමසීමක්  කළ අතර  ඹහු ප්‍රකාශ කළේ  තමන් එම ස්ථානය  දන්නා  බවත්,  ළිඛිතව  ඉල්ලීමක්  කළහොත්   ක්‍රිමාර්ගයක්  ගැනීමට  එය  පිටුවහලක්  වන බවයිග  ඹහු  යෝජනා  කරන්නේ  කැට යොදා  කාණුව  නැවත සැකසිය  යුතුබවයි.