ජනතාවට දරන්නට සිදුව තිබෙන බරපතල ජිවන වියදම හමුවේ පසුගිය කාලය තුල වඩාත් කැපි පෙනෙන කරුණක් වි තිබුනේ ඉතා ඉහල මට්ටමක පැවැති එළවළු මිළය.
මේ නිසා බොහොමයක් පාරිභෝගිකයන් එළවළු මිළදි ගැනිම පවා නවතා දමා තිබුණි.
පසුගිය දා කොළඹ මැනිං වෙළද පළේ වෙළද සංගමයේ ක්‍රියාකාරිකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුනේ ජනතාවගේ එලවළු මිළදි ගැනි 80% කින් පමණ අඩුවි ඇති බවය.
මේ නිසාම විවිධ පෝෂණ ගැටළු පවා මතුවිමට ඇති ඉඩ කඩ ගැනද සෞඛ්‍ය බලධාරින් අවධානය යොමුකර තිබුණි.
බොහොමයක් නගරවල එළවළු මිළ තවමත් ඇත්තේ ඉතා ඉහල අගයකය. එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත වරක් අද (05දා) දින එළවලු මිල විශාල වශයෙන් අඩුවී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව 05 දින පැවති කිලොවක තොග මිල (රුපියල්) මෙසේය.
ගෝවා 150-200
බෝංචි 110-160
ලීක්ස් 150-170
කැරට් – නුවරඑළිය 300-350
තක්කාලි 130-140
රාබු 60-70
කැකිරි 100-110
පිපිඤ්ඤා 65-70
අර්තාපල් – ආනයන 160-180
වැටකොලු 140-180
බණ්ඩක්කා 110-120
පතෝල 160-180
කරවිල 200-230
තුඹකරවිල 390-400
වට්ටක්කා – මැලේෂියන් 50-55
වට්ටක්කා – ලොකු 60-65
වම්බටු 210-280
එළබටු 250-260
දඹල 135-140
අළුකෙසෙල් 50-60
කෙසෙල්මුව 45-50
ඇඹරැල්ලා 100-110
දෙහි 110-120
මාළුමිරිස් 440-450
අමුමිරිස් 740-750
ඉඟුරු 125-130
රතුළූණූ – ආනයන 275-280
රතුළූණූ – ලංකා 160-280
ලොකුළූණූ- ආනයන 110-125
ලොකුළූණූ- ලංකා 110-120
මඤ්ඤොක්කා 20-25
බතල 85-90
ඉන්නල 110-120