කටුනායක වෙළෙඳ කළාපයේ ආසාදිත රෝගින් ගණන 366 දක්වා ඉහලට ! අදත් රෝගින් 24 ක් !

0
75

ftzකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කර ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මේ අතර නිදහස් වෙළද කලාප කම්කරුවන් මුහුණ දි ඇති ප්‍රධාන ප්‍රශ්ණය වි ඇත්තේ ඔවුන්ගේ ආහාර පාන පිළිබද ප්‍රශ්ණයයි.නිදහස් වෙළද කලායේ සමාජ ක්‍රියාකාරිණියක් සිය ෆෙස් බුක් පිටුවට මේ එක් අත්දැකිමක් මෙසේ සටහන් කොට තිබුණි

“” අපි කවදාවත් ගමේ පොදු දේකට සහභාගි වෙන්න ගෙදර ගිහිල්ලා නැහැ .පන්සලේ කඨින පින්කමට සහභාගි වෙන්න ගෙදරින් ඇවටිලි කලත් ගෙදර ගියේ නැහැ .මගේ සමහර යාළුවෝ තමන්ගේ සීයගේ ආච්චිගෙ දානෙට වත් ගෙදර ගියේ නැහැ . තමන්ගේ ළඟම ඥාතින්ගේ කොටහලු මගුලකටවත් නොගිය යාලුවෝ ඉන්නවා . ඒ අපට ලැබෙන සොච්චමෙන් මාසෙකට ඒ වගේ අමතර දෙයක් කළොත් පිරිමහගන්න අමාරු නිසා .
ඒත් මේ වගේ කැපකිරීම් කරපු ඒ හැම කෙනෙක්ම පහුගිය මැතිවරණයේදී ඡන්දෙ දාන්න ගෙදරගියා. මේ තියෙන්නේ අපේ ආණ්ඩුව .අපි පත්කරගත් ආණ්ඩුව .
අද අපි බෝඩිං කාමර අස්සේ කන්න බොන්න නැතුව බල්ලෝ බළල්ලු වගේ හිර වෙලා ඉන්නවා. අපි උන්නද මළාද කියල බලන්න කිසි කෙනෙක් නෑ ..””