කොම්පැණියෙන් ලංගමට දාපු රතු බස් සෙනග හොරෙන් ඇදල මාට්ටු?

0
65

bus redමීගමුව ඩිපෝවට පසුගිය ගිය කාලය තුල රතු පාට දිග බස්රථ කීපයක්ම එක්ව තිබුණි.ඒවා ඇත්තටම අයත් වන්නේ වෙනත් සමාගමක් වෙතය.
දැනට මේ බස්රථ ධාවනය කරනු ලබන්නේ කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේය.ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙනයායුතු බවට පැහැදිලි නියෝගයක් ලංගමයෙන් මෙන්ම විශේෂයෙන්ම අධිවේගයේ  ආරක්ෂාව භාරව සිටින පොලිසිය විසින් පවා මේ ගැන රියදුරන් හා කොන්දොස්තරවරුන් කැදවා දිර්ඝ කරුණු පැහැදිලි කිරිම්ද කර තිබුණි.
තතු එසේ වුවද පිටතින් ඇතුලත නොපෙනෙන සේ ස්ටිකර් ඇලවු රතු දිග බස්රථ ඊයේත් අදත් මේසේ පොල් පැටවු ලෙසින් මගින් පටවාගෙන ගොස් ඇති බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප මීගමුවේ මෙන්ම කොළඹ ද ලංගම ප්‍රධානින්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ සිට් ප්‍රමාණයට හැර කිසිසේත්ම මගින් පටවාගෙන යෑම සපුරා තහනම් බවය.
තවදුරටත් මෙය සිදුවන්නේ නම් අධිවේගි මගෙහි වු ක්ෂණික දුරකථන ඇමතුමට (1969)පණිඩිඩයක් තැබිමට එ බස් රථයේ යන මගින්ට පුළුවන.එවිට සිදුවේ ගාස්තු අයකරන ස්ථානයේදි මේ බස් රථ පරික්ෂාවට ලක් කරන්නට පොලිසියට හැකියාව ලැබෙනු ඇත.
මෙම රතු බස් රථ අයත් වන්නේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙතය.