ඩෙංගු මදුරුවා මුළු මීගමුවම ආක්‍රමණය කරයි ! මිගමු රෝහලේ රෝගීන් 225 ක් !

0
205

denguward 2

මීගමුව මේවනවිට ඩෙංගු වසංගතය නිසා විශාලා මහනුවර ඇතිවූ තුන්බියට සමාන තත්වයක් නිර්මාණය වී ඇත
අද( 30)දවසේ රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 184 කි. ඊයේ(29) එම සංඛ්‍යාව 225 කි. මීගමුව නගරය පුරා සෑම ප්‍රදේශයක්ම ආවරණය වන සේ රෝගය පැතිර ගොස් ඇත .
විශේෂයෙන් වැල්ලවීදිය , පෝරුතොට,තක්කියා පාර සහ දළුපත ප්‍රදේශය අවධානම් කලාප බවට පත්වී ඇත .
ගංවතුර බැස යාටමත් සමඟ ඩෙංගු මදුරුවාට ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වන නිසා මේ දිනවල ඉහතකී ප්‍රදේශවල විශාල ලෙස මෙම රෝගය පැතිර යන බව වාර්ථාවේ.
මෙම තත්වය මත මීගමුව රෝහලේ 20, 19, 3, 4 සහ ලමා වාට්ටුව ද ඩෙංගු ඒකකයද , දැඩිසත්කාර ඒකකයද මෙම ඩෙංගු රෝගීන්⁣ගෙන් පිරී ගොස් ඇත .
මේ සියළු ව්‍යසන ඇති වන හේතුව වන්නේ වැරදි නගර සංවර්ධන ප්‍රතිපත්ති සහ අරමුණු බව පැහැදිළිය. තම හිතවතුන්ට අනවසර ඉඩම් ගොඩකර ගැනීමට ඉඩ දීමත්, මේ නිසා නිසි ලෙස ජලය බැස නොයාමත්‍ මත පරිසරය දූෂණය වී ඇත . එය මිනිස්සුන්ට බලපාන ආකාරය වන්නේ මෙසේ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට සිදුවීමයි .