නගරසභාවට අයත් පාරකින් කප්පම් අයකරද්දි මීගමුව නගරාධිපති බුදිද ?

0
167

මීගමුව මහනගර සභාවට අයත් කොටුව පිට්ටනිය අසල පිහිටි පාර දැන් නිතිවිරෝධි ලෙසින් රථ ගාලක් ලෙසින් නම් කරමින් වසර ගණනාවක සිට කිසියම් පිරිසක් මුදල් අයකරමින් සිටිති.
ඔවුන් විසින් නිකුත් කරනු ලබන බිලෙහි ඉන් මුදලක් වැල්ලිවිදියේ ශා.සෙබස්තියන් දෙව්මැදුරට යන බවක්ද සදහන්ය.
කෙසේ වෙතත් මේ ජාවාරම කලින් කරගෙන යනු ලැබුවේ මීගමුවේ ප්‍රධාන දේශපාලකයෙකු පියෙකු විසින් වුවත් මේ වසරේ සිට මේ කප්පම් ගැනිල්ල වැල්ලවිදිය පල්ලිය විසින්ම තවත් අයෙකු හට මසකට රු 50000 කට දි ඇතැයි වාර්ථා වේ.
මේ  සම්බන්ධයෙන් කරුණු විමසා බලන කල්හි මේ පාර අයත් යැයි කියනු ලබන්නේ මීගමුව මහනගර සභාව වෙතය.
එහෙත් මේ නිතිවිරෝධි ක්‍රියාව නැවැත්විම සදහා මීගමුව නගාරධිපතිවරයා මෙන්ම මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතටදනොහැකි වි ඇත.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?ANTON  jAYAWEERA