බහුදින ධිවර කර්මාන්තය අනතුරේ …..

0
133

ධිවරයන්ට මුහුණ දිමට සිදුව ඇති සිය කර්මාන්තයේ ගැටළු කිසිවක් සදහා නිසි විසදුම් ලබාදිමට මේ රජය වගකිමකින් කටයුතු නොකිරිම ගැන සමස්ථ ධිවර ප්‍රජාවම කලකිරිමෙන් සිටින බව ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම යාත්‍රා සදහා භාවිතා කරනු ලබන ඉන්ධන මිළ ඉහල දැමිම හේතුවෙන් බහුදින යාත්‍රා පමණක් එක් දිනකට රැකියාවට යන කුඩා බෝට්ටු රැකියාකරුවන්ද බරපතල අර්බුදයකට ලක්ව තිබේ.
මේ අතර මෙවර අයවැය අවස්ථාවේදි පවා ධිවරයන් ගැන මේ රජය අවධානයක් යොමු නොකළ බවටද චෝදනා එල්ල වි තිබේ.



විශේෂයෙන්ම මිපුර වෙබ් අඩවියට අදහස් දැක්වු බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් කියා සිටියේ ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය යෙදවුම් ඉතා ඉහල ගොස් තිබුණද අපනයනය සදහා ඔවුන් විසින් අල්ලන ටුනා මසුන්ට ගෙවන මිළ මිළ ඉතා පහල ගොස් ඇති නිසා කර්මාන්තයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වි ඇති බවය.
වෙනත් ව්‍යාපාර සදහා විවිධ බදු සහන ලබාදෙන බලධාරින් බහුදින ධිවර කර්මාන්තයට කුඩම්මාගේ සැලකිලි දැක්විම නිසා ධිවර කර්මාන්තය දැනටමත් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ඔහු අවධාරණය කර සිටි