මත් විරෝධී ජන උද්ගෝෂණය පිටුපස ජනතාව පාවාදීමක් ?

0
24

ඊයේ  පියතුමන්ලා  විසින්  සංවිධානය  කරනලද  මත්ද්‍රව්‍ය  විරෝධීජන උද්ගෝෂණය  පිළිබදව   මීපුර   වෙත   දුරකථන  ඇමතුම්  ලැබෙමින්   පවතී.  ඒ මිපුර වෙබ් අඩවිය  විසින්  කරනලද  හෙලිදරව් කිරීම්   නොවන්නට  අයතා   දේශපාලනයේ   ක්‍රයාකාරීත්වය   මත  විනාශයක්  සිදුවන්නට ඉඩ  තිබුනු  බව  පවසමිනි.    විවිධ   කේෂ්ත්‍රවල  ජනතාවගේ   ප්‍රතිචාරය  වන්නේ   මෙය  මත්  විරෝධී   රැළියක්  නිසා  ඒසදහා   කළු පැල්ලම්  සහිත  පුද්ගලයින්  සහභාගීකර ගැනීමෙන්   මෙම   වැඩසටහනේ  අරමුණට  කැලලක්    සිදුවූ  බවයි.

මේසා  විශාල  ජනතාවකගේ    සහභාගීත්වයෙන්   පෙන්නුම්  කෙරෙනුයේ  පියතුමන්ලාගේ  උතුම්  ප්‍රාර්තනයට  ජනතාව  අනුමැතිය  දුන්  ආකාරයයි. මන්ද  එය  ජනතාවගේද  ප්‍රාර්තනය  වන  බැවිනි.  නමුත්   කිරි වීදුරුවට  ගොම  බින්දුවක්  වැටී  ඇත.  මෙම  ජන උද්ගෝෂණයේ  මුලසිටම  අදේශපාලනිකයැයි  තීරණයවී තිබුනද  එය  එසේ  නොවන බව   මේ වනවිට   පැහැදිළි  වීඇත. පෙලපාලිය  සදහාවූ  දැන්වීම්  පුවරු  සකසා  තිබුනේ  දයාන්ලංසා  ගේ   නම  ඇතුලත්  කරමිනි. පසුව එය  ස්ටිකරයකින්  වසා  තිබින.  මේ  සියල්ල  කලින්  සැලසුම්  කරනලද  ඒවාය. පැස්බරා  වැල්ලේ   හිස  සගවා  ගත්තද  පිටුපස   කොටස  පෙනෙයි.  එය   නොපෙනෙනාසේ  සිටීමේ  වීරකම    ලැබිය  යුත්තේ  කිසි  හිරිකිතයක්  නැතිව  එහි  යෙදුන  වුන්ටය. නමුත්  කිහිපදෙනෙකුගේ  අදූරදර්ශී   කටයුතු  නිසා  මෙය  භූමරංගයක් සේ  පල්ලිය  වෙත  හැරී  ඇත. මෙය  ජනතාව  පාවාදීමක් යැයි  සමහරු  පවසති.