මහා සිව රාත්‍රිය

0
574
 දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා / 
එක් අවස්ථාවක බ්‍රහ්ම දේව හා මහ විෂ්ණුමූර්ති අතර  ලෝකයේ බලවතා කවුදැයි යන්න තර්කයක් ඇති විය. මෙම තර්කය උග්‍ර වී යන අතරේ බලවත්  හඩක් ඇසී මෙසේ පැවසීය.’මගේ හිස සිට දෙපතුල දක්වා කවුරු හෝ අදුනනවානම් එයා බලවත්’ මේ අතරේ විශාල එලියක්  ඇවිත් අහස හා පොලව නොපෙනී යන්නට විය.
එවිට විෂ්ණු දෙවියන් කුර්ම අවතාර ( ඌරූ වෙස් ) ගෙන පොළොව හාරා යටිපතුල බලන්නට ගියහ.
බ්‍රහ්ම දේව පියඹා අහස උඩට ගියහ.
නමුත් ඔවුන්ට මෙම හඩ සොයාගන්නට නොහැකි විය. අවසානයේදි ඔවුන් වරද පිළිගෙන ශිව දෙවියන්ගෙන් ආශිර්වදය ලබා ගත්හ.
එම ජෝදිය (එලිය ) පැමිණි මොහොත මහ  සිව රාත්‍රී ලෙස සලකයි.මෙම උත්සවය හින්දු බැතිමතුන් බොහොම භක්තියකින් රෑ පහන් වනතුරු  අවදිව සිට පූජාවන් පවත්වා සමරනු ලබයි. පසුදින තම නිවෙස් වල දානය ලබාදීමෙන්  මෙය සමරා අවසන් කරයි.
මීගමුව වැල්ලවීදිය මුත්තුමාරි අම්මාන් කෝවිලේදී ඊයේ දින මහ උත්කර්ශවත් අයුරින්  සමරනු ලැබීය.IMG_6183-4