මාළු ආපනයනයෙන් මිලියන 1200ක ආදායම් වැඩිවීමක්..

0
60

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගතිය හා වැඩපිලිවෙල දැනුම් දීම සදහා පසුගිය 16 වනදා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේද ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පසුගිය වසර තුල මසුන්  අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 1200ක  වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවූ බව අනාවරණය කරන ලදී.

මෙම ආදායම ලැබීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙරට කකුළුවන්, ඉස්සන්,පොකිරිසසන් හා ජිවී මාළුන් වෙනුවෙන් ජාත්‍යන්තර වෙළදපොලේ ඇති ඉහල ඉල්ලුම බව අමාත්‍යවරයා පැවසීය.  නමුත් සම්පූර්ණ ජත්‍යන්තර මත්ස්‍ය ඉල්ලුමෙන් තවමත් අපට සැපයීමට හැකිවී ඇත්තේ 1/3 ක ප්‍රමාණයක් බවත් මෙහිදී වැඩි දුරටත් පවසන ලදී.

2015 වසර තුලදී මත්ස්‍ය අපනයනයෙන් ලද සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 20,336ක් බවත් 2016 වසරේදී එය රුපියල් මිලියන 21,539ක් බවද සදහන් කල අමාත්‍යංශය පසුගිය වසරේ මිලියන් 1203ක අදායම් වැඩිවීමක් සිදුවී ඇති බව පෙනවා දෙන ලදී. පෙරට වඩා මසුන් අපනයනය කිරීම 2.6%කින් අඩුවූවත් මසුන්ගේ මිලෙහි සිදුවූ වැඩිවීම නිසා මෙම ආදායම් වැඩිවීම සිදුවී ඇත.

යුරෝපීය රටවල් වෙත මසුන් අපනයනය කිරීමේදී තිබූ බාධක ඉවත් වීමත් සමග මසුන් අපනයනය වැඩිවූ බව සදහන් කල අමාත්‍යංශ නිළධාරීන් මෙම සංඛ්‍යාෙල්ඛණ සදහා යුරෝපා වෙළදපොලෙන් ලද ආදායම ඇතුලත් නොවන බවත් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

ornamental-fish-al-aquarium-668x348