මාළු වැඩිවෙයි !මිළ අඩුවෙයි!වෙළෙන්දෝ හිඟවෙයි.!

0
254

මාළු හිඟවි මිළ වැඩිවි තිබුන කාලය දැන් තරමක් දුරට පහව යමින් තිබේ.

මිගමුව පිටිපන දූව ලෙල්ලම ඊයේ මෙන්ම අදත් ලංකාවේ විවිධ පළාත් වලින් මාළු තොග පැමිණ තිබුණි.

මේ හේතුවෙන් මාළු මිළ තරමක් දුරට පහල යන තත්වයක් දැන් නිර්මාණය වෙමින් තිබේ.

එහෙත් සමස්තයක් ලෙසින් මත්‍යස්‍ය කර්මාන්තය දැවැන්ත කඩා වැටිමකට දැන් ලක්ව තිබේ.

එනම් මත්‍යස්‍ය අස්වැන්න වැඩිවෙමින් ,විශාල ප්‍රමාණයේ සැපයුමක් දිනපතා සිදුවුවද ඒවා මිළට ගැනිමට පැමිනෙන වෙළදුන්ගේ ගණන දිනෙන් දිනම අඩුවෙමින් තිබේ.

එයට ප්‍රධාන හේතුව ලෙසින් යතුරු පැදිවලින් ⁣ගොස් නිවැසියන්ට මාළු අලෙවි කරන වෙළදුන් කියා සිටින්නේ මාළු මිලදි ගැනිමට ඒ අය අත මුදල් නැති බවයි.මෙයට අමතරව ඉහල ගොස් ඇති පෙට්ට්‍රල් මිළද දැඩි සේ බලපා ඇතැයි පවසා සිටිති.

මිගමුව ලෙල්ලමේ ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ තව දුරටත් මේ තත්වයෙන් ඉදිරියට යා නොහැකි බවය.

පසුගිය දිනවල කිලෝවක් රු 450ක් වු සාලයන් අද රු 250කි.එහෙත් අඩු කළ මිළටවත් මාලු මිළදි ගැනිමට වෙළදුන් මෙන්ම පාරිභෝගිකයන්ද නැත.

මේ නිසා දැනටමත් කර්මාන්තය බිඳවැටි හමාර යැයි ව්‍යාපාරික ප්‍රජාව පවසා සිටිති.