මෙම කාරණය සම්බන්ධව අවබෝධයක් ඇති දෙදෙනකු සමඟ අප කතාබහකට යොමුවූයේ මෙහි සැබෑ තත්වය මතුකර ගැනීමේ අදහසින්ය . ප්‍රථමයෙන්ම මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් කතාකළේ සිරිවර්ධන පෙදෙසේ ක්‍රිෂෝර් ලක්ෂ්මන් පෙරේරා මහතාය.
“මගේ නම ක්‍රිෂෝර් ලක්ෂ්මන් පෙරේරා . මීගමුව කලපුවේ මොදා මසුන් ඇතිකරන සමීතියේ ඉන්නෙ . සමීතියේ සාමාජිකයින් 60 ක් ඉන්නවා. මම අවුරුදු 16ක් විතර වෙනව මේ කොටු රස්සාව කරන්න අරන්. මේ වෙනකොට මාළුපැටව් ගන්න බැරි තත්වයක් තියෙනවා. මාළු පැටව් ගන්න ගියහම නෑ කියනවා.මාළු කෑම ගන්න ගියහමත් කරදරයි. ඒක හින්ද මේක කරගෙන යන්න බැරි තත්වයක් දැන් උදාවෙල තියෙන්නෙ”
මීලඟට අදහස් දක්වමින් කතා කළේ සමාජ ක්‍රියාධරයෙකු වන නාමල් ප්‍රනාන්දු මහතාය.
“මම වර්ණකුලසූරිය ජූඩ් නාමල් . මීගමුවේ ධීවර ජනතාව සමඟ වැඩ කරන කෙනෙක් , මොදකොටු රස්සාව මීගමුවට හඳුන්වල දුන්නෙ අපි තමයි …
මීගමුවේ මොද කොටු වර්ධනය වුනා මිසක් කර්මාන්තයේ වර්ධනය සඳහා , ජලජීවීන්ගේ වර්ධනය සඳහා සහයෝගයක් රජයෙන් කිසිම ලබාදුන්නේ නෑ කියන එක තමයි මගේ මතය.
දැනට ගෙනෙන මාළු .පැටව් නල දරුවනන් හා සමානයි. පලමු මවගෙන් හා පියාගෙන් ගන්න මාළු පැටව් හරි ශක්තිමත් . දෙවන තුන්වන මාළුන්ගෙන් ගන්න ජීවීන් ශක්තිමත් නෑ. මේනිසා ශක්තිමත් පැටියෙක් දෙන්න ඕනෙ ගොවියට මේක පවත්වාගෙන යාම සඳහා . මීගමුව ජල චක්‍රය හරි අධිකයි කාල වකවානු අනුව .ඒනිසා පැටව් ගෙනැල්ල ඔබපුවහම පැටව් පීනල පීනල මැරෙනව . පොඩි ළමයෙකුව වතුර බේසමකට දැම්ම වගේ . පැටියව ශක්තිමත් වෙන්න ඕනෙ පරිසරයට අනුව , මේ දැනුම ධීවරයට දිය යුතුව තිබෙනව.”
මෙකී සියළු ප්‍රශ්ණ ධීවරයට බලපාන බවයි නාමල් මහතා ප්‍රකාශ කරන්නෙ . මේගැන ඔහු කියන්නෙ මුල් කාලෙදි මේ විදිහට පැටව් මැරුණෙ නැති බවයි. කෙසේ නමුත් රාජ්‍ය පර්යේෂණ ආයතන වන නාරා, නැප්ඩා වැනි ආයතන විසින් මේගැන සොයා බැලිය යුතු අතර රජය මේ සඳහා අතහිත දියයුතු බවයි .