මෛත්‍රීගේ ප්‍රචාරක ව්‍යාපාරයකට වෙන්නප්පුවේදී මැර ප්‍රහාරයක්

0
142

ඊයේ (26) හවස වෙන්නප්පුව උල්හිටියාව ගල්මල්පඳුර ප්‍රදේශයෙදි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනතාව දැනුවත් කිරිමේ යෙදි සිටි පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙසේ පහරකෑමට ලක්වීමට සිදුවී ඇත්තේ
වෙන්නප්පුව හිටපු සන්දාන ප්‍රාදේශිය සභා මන්ත්‍රි ශිරොන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසට වන අතර  පහර දී ඇත්තේ එම ප්‍රදේශයේම සන්ධාන අධාර කරුවන් පිරිසක් බවද වාර්තා වේ. ඒ අතර පහර දීමට පැමිණි පුද්ගලයෙකු  එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ වටිනා රන් මාලයක්ද මංකොල්ල කා පලා ගොස් ඇති බවත් ශෙරෝන්  ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.
තමන් හා පිරිස එම ප්‍රදේශයේ ගෙයින් ගෙට යමින් ජනතාව දැනුවත් කිරිමේ යෙදි සිටියදි 15 ක ගෙන් යුතු පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු නවතා දමන ලෙස මරණිය තර්ජන එල්ල කරමින් තම පිරිසට පහර දුන් බව මන්ත්‍රිවරයා පවසා ඇති අතර  ඔහු, මේ පිළිබඳව වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.