හොඳටම පමා වි ගෙන්වන්නට යන හොඳම කොවිඩ් ඖෂධයක් ?

0
63

කොවිඩ් රෝගය කළමණාකරණය හරියට දුටුගැමුණු රජ්ජුවරුන්ගේ යුද්ධ කළා වැනි තැනකට පත්ව තිබේ. මහළු අම්මා කෙනෙකු විසින් විසින් ඒ් ගැන වෙස්වලාගෙන රට්ටුන්ගේ අදහස් විමසිමට ගිය දුටුගැමුණුට මේ මහළු අම්මා දුන් ඔවදනින් පසු යුද්ධය විධිමත්ව සැලසුම් කිරිමට රජ්ජුරුවො පෙළඔුනා යැයි ඉතිහාස කථා වල දැක්වේ .

ලංකාවේ කොවිඩ් පාලනයද දුටු ගැමුණුගේ යුද්ධය වැනිය .සියල්ල සිදුවන්නේ තැනින් තැනය . පිළිවෙලක් ඇත්තේම නැත.ලෝක සම්මතය 60 වැඩි අයට එන්නත ලබාදිමට ප්‍රමුඛතාවය ලබාදිම වුවද ලංකාවේ කොරෝනා පාලනය හමුදාකරණය වු නිසා හමුදා ලොක්කෝ 60 වැඩි අය ගැන තැකුවේ නැත.
පැණි දැම්මා මිස එන්නත කඩිනමින් ගෙන්වා ගන්නටද කටයුතු කලේ නැත.

දැන් හොදටම පමා අත්‍යවශ්‍ය බේත් ගැන කල්පනා කරන්නට පටන් ගෙන තිබේ.
රෝගීන් සඳහා ලබාදෙන “රෙගන් කෝව්” නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙන බව මේ වන විට වාර්තා වේ.
. ඖෂධ වර්ග 02 ක් මිශ්‍රකර එන්නත් කරන “රෙගන් කෝව්” මගින් කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිබව පිළිගනිමින් ලොව රටවල් රැසක් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බැව් සැලය.

එම ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 81 කින් අඩු වන බව පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්ය.

නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට ද මෙම ඖෂධය සුදුසු බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් කොවිඩ් රෝගීන් සඳහා එම ඖෂධය ලබාදීමට අනුමැතිය ලබාදී ඇතැයි වාර්තාවේ .

“රෙගන් කෝව් ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගය.