13 ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි – ඉන්දීය අගමැති, අගමැති මහින්දට දැනුම් දේ !

0
78
සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ අගමැති

මහින්ද රාජපක්ෂට පවසා තිබේ.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී දෙරටේ අගමැතිවරුන් මේ සම්බන්ධයෙන්  අදහස් හුවමාරු කර ගෙන ඇත.

පසුගිය මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු සමග පැවැත්වූ ප්‍රථම විශේෂ සාකච්ඡාව මෙයයි.

දෙරටේ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.

දෙරටේ නායකයිනගේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

ජනාධිපතිට දුන් ෂොට් එකක් ද ?
ඉන්දීය අගමැතිවරයා මෙවැනි දැනුම් දීමක් කරන්නේ පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති මොහොතක දිය.

ජනාධිපතිවරයාගේ වියත්මග සංවිධානයේ ප්‍රධානියකු වන පළාත් සභා සහ පළාත් පාලන කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය, සරත් වීරසේකර පසුගිය දිනවල ප්‍රසිද්ධියේම කියා සිටියේ පළාත් සභා අහෝසි කලයුතු බවකි.

කෙසේවුවද සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයට වව්නියාවේ පැවති මාධ්‍ය හමුවක දි වහා ප්‍රතිචාර දැක්වූ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වර්තමාන ආණ්ඩුව යටතේ 13 වන සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි අවධාරණය කර සිටියේ ය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ දී දකුණ මෙන්ම උතුර ද එරෙහි වූ බව එහිදී සිහිපත් කළ  ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, එහෙත් තමා එදා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි බවත් එය ප්‍රායෝගික බවත් සඳහන් පැවසිය.

පසුගියදා ඉන්දියාව ද 13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව සඳහන් කළ බව ඔහු සිහිපත් කළේය.
theleader.lk