අලුත් සභා වාරය පටන් ගන්නත් කලින් ගහපු පොත් ගේමක් මාට්ටු?

0
514

 

( දෙවන සංස්කරණය)  මිගමු මහනගර සභාවේ අලුත් සභා වාරය පටන් ගන්නේ ජුනි 09 වෙනිදා.
එහෙම තියෙද්දි මේ කඩිමුඩියේ පාසැල් වාරය පටන් අර⁣ගෙන මාස 5 කුත් ගෙවිල තියෙන කොට ලක්ෂ ගාණක අභ්‍යාස ⁣පොත් තොගයක් අරගෙන කියල විශ්වාස කටයුතු ලෙසින් දැනගන්න ලැබුනා.

දැන් මේ කඩිමුඩි ගේම පිටපස්සේ ඉන්නේ කව්ද?ලංසා පවුලේ පිල්ලි තාමත් ⁣නගර සභා පරිශ්‍රයේ සක්මන් කරනවද?

මේ පොත් ගැනිල්ල පිටුපස ඇත්තේ කොමිස් ගැහිල්ලද?

නගර සභාවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය වල පවා හිඟයක් තියෙද්දි වාර මැද මේ පොත් ගන්න වැඩේ වුනේ කොහොමද ?

ඒ විතරක් නෙමෙයි කඩිමුඩියේ ක්‍රිඩා බඩුත් අරගෙනලු.

මේ සේරටම මහජන මුදල් රුපියල් මිලියන 7කට වැඩියෙන් වැයවෙලාලු.

මේ වෙලාවේ මේ වගේ වියදමක් දැරිය යුතුම එකක්ද?

නිමල් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here