spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශීය කුළු බඩු නිෂ්පාදනයේ මීගමු සලකුණ ‘ මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්

Must read

????????????????????????????????????

මීගමුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  කුළුබඩු නිෂ්පානය මූලික කරගත් මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙළඳ නාමය ඉතා පාරිභෝගිකයින්ගේ  සිත් දිනාගත් නමක.
ඉතා ඉක්මනින් තම අරමුණු ඉටුකරගනිමින් ඉදිරියට පැමිණි මෙම ආයතනය මීගමුවේ ඇති අනෙකුත් ව්‍යාපාර අතර කැපීපෙනෙන විශේෂත්වයකින් යුතු එකකි. දේශීයබව රැක ගැනීම මෙහි  ප්‍රධාන සාධකයකි. එබැවින්  මෙම ආයතනයෙන් භාන්ඩ මිළදී ගැනීම උදෙසා එන්නේ බුද්ධිමත් පාරිභෝගිකයින් පිරිසක් බව කිවයුතුය.

පිරිසිඳුකම සහ විස්වාසවන්ත කම…

මොනිකා ආයතනයේ රාක්ක තුළ දක්නට තිඛෙන්නේ දේශීය නිෂ්පාදන පමණි.
ඒවා සුවදවත්ය. දේශීය කුළුබඩු වලට අමතරව ධාන්‍ය වර්ග, වේවැල් භාණ්ඩ සහ වෙනත් කලාත්මක භාණ්ඩද මෑත කාලයේදී එකතු කර තිඛේ. ධාන්‍ය  වර්ග ඇට සහ පිටි වශයෙන් සකසා ඇත. මෙම ආහාර වර්ග සියල්ල විශේෂත්වයකින් යුතුය.
ඊට ප්‍රධාන වූ හේතු අතර කල්තබා ගැනීම උදෙසා කෘතීම රසකාරක යොදා නොගැනීම , පිරිසිඳු බව රැක ගනිමින් තම නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදීමට සමත්වීම ආදිය වේ. ඉහත කී පිරිසිඳුබව රැක ගැනීම සඳහාම ඒඒ ද්‍රව්‍ය වෙන වෙනම ඇඹරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇති අතර මේ කටයුත්තට දැනට මැෂින් 6ක් යොදාගෙන ඇත.
මේ අනුව පිටි, මිරිස්,  කහ, උම්බලකඩල කෝපි, කෑලි මිරිස්, යනාදී ද්‍රව්‍ය වෙනම අඹරා සකස් කරයි.

monika2018
monika2018

ජනතාව සමඟ  කරන ගනුදෙනු වලදී විශ්වාසය මත පදනම්වීම ඉතාම වැදගත්බව මෙම ව්‍යාපාරයේ  ක්‍රියාකාරීත්වය දෙස බලනවිට පැහැදිළිවේ. පාරිභෝගිකයින් සමග සම්බන්ධතාවය නිසිලෙස පවත්වාගෙන යාමේ ප්‍රතඵළයක්  ලෙස පරම්පරා 4 ක පාරිභෝගිකයින් අඛන්ඩව නඩත්තු කරගෙන යාමට හැකිවී ඇත. එමෙන්ම විදේශීය රටවල් වලින්ද මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇත. ඉතාලිය, ඉන්දියාව, පකිස්තානය,මේ අතර ප්‍රධාන⁣  වේ.
එමෙන්ම සියළු කුළුබඩු වර්ග ලබාගන්නා ගැනුම්කරුවන්   කාලයක් තිස්සේ ගොඩනඟාගත් සම්බන්ධතා වල ප්රතිඵලයකි. මේ අනුව මිරිස් , සූදුරු වැනි දෑ කොළඹින් ලබාගන්නා අතර කුරුදු, ගම්මිරිස් ආසන්න ප්රදේශ වලින් ලබාගනී. මේවා ලබා ගැනීමේදී ද ක්රියාත්මක වන්නේ කාලාන්තරයක් තිස්සේ ගොඩනඟා ගත් සම්බන්ධතාවය සහ විස්වාසවන්තකමයි. උදාහරණයක් ලෙස කොළඹ සිට අවශ්ය අමුද්රව්ය ලබාදෙන ව්යාපාරිකයෙක් වසර 40 ක පමණ කලක සිට තවමත් නොකඩවා එම කාර්්ය ඉටුකරයි. මේ අනුව ණයට බඩු ලබාගෙන ලැබෙන ආදායමෙන් එය ගෙවා දමයි.

ව්‍යාපාරයේ ආරම්භය….

DSC_0057
මීගමුව, කාමච්චෝඩයේ විස්තීන් ඇවනිව් හි අංක 20 දරන ස්ථානය

⁣ මේ වන විට මෙම ව්‍යාපාරයේ අයිතිකරු කේ. එම්. ජී.  රුද්‍රිගූ මහත්මියගේ පියා වන ක්. එල්. ඊ රුද්‍රිගූ මහතා සහ ඔහුගේ බිරිද වන සී . ටී. යූ ප්‍රනාන්දු මහත්මිය විසින් DSC_00931
1948 පෙබරවාරි 28 දින මෙම ආයතනය විවෘත කරන ලදී.  ක්. එල්. ඊ රුද්රගු මහතා ව්‍යාපාරයට යොදා ඇත්තේ මොනිකා යන ඇගේ  දියණියගේ නමෙහි කොටසකි. මොනිකා මහත්මියගේ පියා හට රැකියාව අහිමිවීමෙන් පසුව ව්‍යාපාරය ඇරඹා ඇති අතර ඒ වනවිට කොළඹ සිට පුත්තලම දක්වා මෙවැනි ව්‍යාපාරයක් තිබී නොමැත.
ආරම්භයේදී  නිෂ්පාදන කටයුතු එක මැෂින් එකකින් සුළුවෙන් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් ලංකාබැංකුව ඉදිරිපිට රාජපක්ෂ බ්‍රෝඩ්වේ අසල ව්‍යාපාරය ආරම්භ කර පසුව එහි මැෂින් මුලින්ම  කෘෘස් පාරේ නො,18 වෙත ගෙනයන ලදී. DSC_0045-1024x569new
1950දී නව ස්ථානය ලෙස මීගමුව , ද කෲස් පාරේ ,18,දරන තැන මේ සඳහා තෝරාගෙන ඇත.මේ ස්ථානයේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය  කරමින් 1960දී  තව පියවරක් ඉදිරියට යාමට හැකියාවක් ලැබින. මේ වනවිට  ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ මීගමුව, කාමච්චෝඩයේ විස්තීන් ඇවනිව් හි අංක 20 දරන ස්ථානයේය.
එසේම මෙහි අලෙවි කටයුතුද සිදුවේ.
පියා සහ මව ගොඩනඟාගත් ප්‍රමාණය වැඩිදියුණු කරමින්මොනිකා මහත්මියගේ අප්‍රතිහත ධෛර්්යයෙන් වර්තමාන තත්වයට ලගාවීමට හැකිවී තිඛේ.

කළමනාකරණය

මේ වනවිට සේවකයින් 15 දෙනෙක් සේවයේ යෙදෙන අතර මෙම සියලුම සේවක සේවිකාවන් මොණිකා මහත්මියගේ අධික්ෂණය යටතේ ඉතා ඕනෑකමින් සහ අවංකව සේවය කරනු ලබයි.

රුද්‍රිගු මහතාගේ සිතෙහි හටගත් කුඩා සිතුවිල්ල අද අතුපතර විහිදුණු මහා වෘක්ෂයක් බවට පත්වී ඇත. ඔහුගේ අරමුණ ඉතා පැහැදිළිය. ඒ අරමුණෙහි ඇත්තේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයතාවයට අදාලවන පරිදි භාණ්ඩ අලෙවි කළයුතුය යන මූලධර්මයයි. අද වනවිට විවිධ ව්‍යාපාරිකයින් උත්සාහ කරන්නේ ඕනෑම දෙයක් විකුණා ලාභ ගරාගැනීමටය. එවැනි තත්වයක් තුළ මොනිකා ආයතනය වෙනස්ම ආකාරයකට යන මේ ගමන අප අගයකරන අතර ඉදිරියටත් මෙම කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය සහ ධෛර්්යය පතමු.

????????????????????????????????????

DSC_0100


.සටහන – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article