අහස, මුහුද ,ගොඩබිම එකට යා කරන නව අවුරුදු සූර්ය මංගල්‍යය…

0
217
IMG 20250504 WA0047 1
ඒ්.වර්ණකුමාර මහතා
IMG 20250504 WA0044 1
ෂෙනාල් ප්‍රනාන්දු මහතා

අහස , මුහුද, ගොඩබිම එකට යා කෙරෙන , සාම්ප්‍රදායික  අලුත් අවුරුදු වැඩසටහනකට එහා ගිය ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ඉතිහාසය සහ සංස්කෘතිය විදහා දැක්වෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු වැඩසටහනක් ” සූර්ය මංගල්‍යය 2025 ”  ලෙසින්  මැයි මස 10 සහ 11 යන දින වල   මීගමුවේදී පැත්වීමට  සියලු කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇත.

මීගමුව, සංචාරක වෘත්තිකයන්ගේ සංගමය ( Negombo Tourism Association ) ප්‍රථම වතාවට මීගමුව තුළ පවත්වනු ලබන “සූර්ය මංගල්‍යය2025 ” (SUN RISE HARMONY 2025) නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය මීගමුව ඒත්තුකාල , ටොපෑස් බීච් හෝටලය පිටුපස මනරම් වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
මෙම නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය 02 වැනි දා සවස මීගමුව,ඒත්තුකාල, ටොපෑස් බීච් හෝටල්  එළිමහන් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ සඳහා මීගමුව සංචාරක වෘත්තිකයන්ගේ සංගමය නියෝජනය කරමින්, එහි සභාපති ඒ.වර්ණකුමාර,  උප සභාපති, රොෂානි ෆොන්සේකා, ලේකම් , සුසිලා නන්දනී, භාණ්ඩාගාරික මාර්ක් තමෙල් සමඟ කමිටු සාමාජික සහ මෙම උත්සවයේ ක්‍රීඩා ඉසව් සංවිධායක ලෙස කටයුතු කරන ෂෙනාල් ප්‍රනාන්දු  යන මහත්ම මහත්මාවීන් ඇතුළු එම සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මීගමුව, සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා ප්‍රකාශ කළේ මීගමුව තුළ යම් පසුබෑමකට ලක්වී ඇති සංචාරක කර්මාන්තය යලි ප්‍රවර්ධනය කරමින් මීගමුවේ ආර්ථිකයට යම් ශක්තියක් ඇතිකරලීමේ අරමුණ මූලික කරගනිමින් මෙම නව අවුරුදු සංස්කෘතික කලා උත්සවය තම සංගමය මගින් සංවිධානය කළ බවයි. එලෙසම  ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන් තුළින් ඔප්නැන්වෙන මෙරටට ආවේණික ජන ක්‍රීඩා ජනප්‍රිය කරලීමටත්, ඒවා මුළු මහත් ලෝකයටම විදහා දැක්වීමටත් මෙම සංස්කෘතික කලා මහෝත්සවය පැවැත්වීමේ තවත් එක් ප්‍රධාන අරමුණක් බවත් වර්ණකුමාර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.IMG 20250504 WA0040 1IMG 20250504 WA0042

එමෙන්ම  මෙම නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය සඳහා ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය, ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය,  ජාතික කඹ ඇදීමේ සංගමය, පැරා මෝටරින් සම්බන්ධ ” ස්කයි ක්ලබ් ” ආයතනය ,
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, සහ ඒකාබද්ධ ධීවර සමිතිය  යන සමිති සංවිධාන සහ සංගම් වල විශේෂ සහයෝගය සහ දායකත්වය ලැබී තිබේ.
ඒ අනුව එළඹෙන මැයි 10 වන සෙනසුරාදා දින සවස 2.00  ට මෙම මහෝත්සවයේ  සමාරම්භය සනිටුහන් වන අතර එදින පැවැත්වෙන තරග අතර වෙරළේ පවත්වන පාපන්දු තරගාවලිය (Beach Foot Ball), වට 06කින් සමන්විත විවෘත රේසින් පාපැදි තරඟය, (Sprint challenge), රාත්‍රී මැරතන් තරඟය (Fun Night Road Race), එලෙසම කණ්ඩායම් ලෙසින් සහ පවුලේ සාමාජිකයන් සමඟින් හෝ සහභාගි විය හැකි  විවෘත රාත්‍රී විනෝදාත්මක පාපැදි රැළිය ( Mid Night Miles Ride Together  Rally ) පැවැත්වෙන අතර එදින මධ්‍යම රාත්‍රිය වන තෙක් මෙම ක්‍රීඩා තරග පැවැත්වෙනු ඇත. එලෙසම එදින මීගමුවේ  ප්‍රථම වතාවට පාසල් ළමුන් සඳහා වෙරලේ පාපන්දු තරගාවලියක් (Beach Foot Bool) ශ්‍රී ලංකා පාපන්දු සමීමේලනයේ පුර්ණ  අධීක්ෂණය යටතේ පැවැත්වේ.
ඊට පසු දින එනම් මෙම නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය පැවැත්වෙන අවසන් දිනය වන මැයි 11 වැනි ඉරු  දින උදෑසන 8.00 ට එදින සමාරම්භය සනිටුහන් වන අතර එදින උදෑසන 8.30 ත් දහවල් 12.00 අතර කාලය තුළ  මුහුද ආශ්‍රිත ජල ක්‍රීඩා (Water Sports) පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර තිබේ. ඒ අතර විශේෂයෙන්ම රුවල් ඔරු තරඟ ( Catamaran  Race ) , බෝට්ටු තරඟ
(Out Boat Race), තෙප්පම් තරඟ
(Theppam Race)  සහ රුවල් යාත්‍රා තරග
( Sailings Boat Race ) ආදිය ප්‍රධාන වේ. එලෙසම එදින ස්කයි ක්ලබ් ආයතනයේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීමෙන් මීගමුව අහස් තලාය් ප්‍රථම වතාවට පැරා මෝටරින් ගුවන් සංදර්ශනයක් ( Para Motoring ) දැකබලා ගැනීමටද අවස්ථාව උදා වනු ඇත.

IMG 20250504 WA0050 1
ගම්පහ දිස්ත්‍රික් පාපැදි සම්මේලනයේ සාමාජික සුමිත් බාලසුරිය මහතා
IMG 20250504 WA0051 1
ශ්‍රිලංකා පාපන්දු සම්මේලනයේ නියෝජිත සහ ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රිඩක හර්ෂ ප්‍රනාන්දු මහතා

ඉන්පසු එනම් එදාන දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක්  බනිස් කෑම, අලියට ඇස තැබීම, පොල් ගෑම, ගෝනි රේස්, තිරස් අතට ග්‍රීස් ගසේ ගමන් කිරීම,රබන් ගැසීම ,කනා මුට්ටිය බිඳීම, කොට්ටා පොර, පොල් අතු විවීම, හොඳම ඇඬීම, හොඳම හිනාව, විකට ඇඳුම් තරඟය, සංගීත පුටු තරගය සහ අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරඟ ඇතුළු මෙරටට ආවේණික නව අවුරුදු සාම්ප්‍රදායික  ජන ක්‍රීඩා ඉසව් 30 කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමටද සියලු කටයුතු සංවිධානය කර තිබේ. ඒ අතරට සහභාගී වන තරගකරුවන්ගේ නිර්මාණ ශක්තිය උරගා බැලෙන නව තරග ඉසව් කිහිපයක්ද ඇතුලත් කර ඇත. එනම් මීගමු මුහුදු වෙරළ ආශ්‍රිතව “වැලි මාලිගා තැනීම” සහ ඉතා රසවත්ව රස “කැවිලි සෑදීම” ඉන් ප්‍රධාන වේ.

එමෙන්ම මෙම නව අවුරුදු කලා මහෝත්සවයේදී පවත්වනු ලබන කඹ ඇදීමේ ක්‍රීඩා ඉසව්ව සඳහා, මීගමුවේ දී ප්‍රථම වතාවට ජාතික කඹ ඇදීමේ සංගමය  මගින් එම තරඟාවලින් සඳහා සම්මත නීති රීති අනුගමනය කරමින් එම තරගාවලිය පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත. මේ වන විටති  ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ අති දක්ෂ වෘත්තීය කඹ ඇඳීමේ කණ්ඩායම් වන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම, සහ ගනේමුල්ල කණ්ඩායම යන වෘත්තීය කඹැදීමේ කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට අයදුම් කර තිබේ.
මෙම ” සූර්ය මංගල්‍යය” නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය සියලු ක්‍රීඩා ඉසව්වන් සඳහා දේශීය මෙන්ම විශේෂයෙන්ම විදේශික සංචාරකයන්ට ද විවෘතව සහභාගි වීමට සියලු අවශ්‍ය පහසුකම් මෙහි සංවිධායකින් විසින් සලසා තිබීමද මෙහි විශේෂත්වයකි. එලෙසම මෙම තරඟ ඉසව්වලින්  ජයග්‍රහණ ලබාගන්නා ජයග්‍රහකයන් සඳහා ලක්ෂ ගණනින් මෙන්ම දහස් ගණනින්   යුත් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර තිබේ.

ඒ අනුව මෙම මුදල් ත්‍යාග සඳහාත්, මෙම නව අවුරුදු සංස්කෘතික කලා මහෝත්සවය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සඳහාත් මේරට ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරික ආයතන රැසක්ම සිය මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.
මෙම සංස්කෘතික කලා මහෝත්සවය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමටත්,  ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වීම සඳහා අයදුම් කිරීමටත් www.serendibnegombo.com වෙබ් අඩවියෙන් සහ 0777 34 85 59 හෝ
0760 60 50 42 නැමැති දුරකථන අංකවලට ඇමතීමෙන්ද ඒ සඳහා අවකාශ සලසා ගත හැක.
එලෙසම මෙහි නිමාව සනිටුහන් කෙරෙන මැයි 12 දින රාත්‍රීයේ මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ ප්‍රකට ගිණිකෙළි කර්මාන්තකරුවන් සඳහා පවත්වනු ලබන ගිණිකෙලි තරඟාවලයේදී මනරම් හා අලංකාරවත් වූ ගිණිකෙලි සංදර්ශනයක් නැරඹීමටද  මෙහිදී අගනා අවස්ථාවක් හිමි වේ.

එසේ නම් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය, සංස්කෘතිය  සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් නිර්මාණශීලීත්වය මුළු ලොවටම කියා පාන සූර්ය්‍ය මංගල්‍යය 2025 ශ්‍රී ලාංකික සංස්කෘතික කලා මහෝත්සවය නැරඹීමට අමතක නොකරන්න. ඒ සඳහා එළඹෙන මැයි 10 සහ 11 යන දිනවල, ඔබත්, ඔබේ පවුලේ අයත්, නෑදෑ හිතවතුන් සමඟ මීගමුව, ඒත්තුකාල මුහුදු වෙරළ තීරයට පැමිණෙන්න. මේ ඒ සඳහා ඔබට කරන සුහදශීලී ආරාධනාවයි.. …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here