2019 පාස්කු ඉරිදා දින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ කටුක මතකයන් තවමත් ජීවමාන වන කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පිවිසෙන මීගමුව ,බාල්දි හංදියේ දී ඊයේ ( 21/09/20026 ) සවස ද නිහඬ විරෝධතාවක් පැවැත්විණි. ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් වූ පිරිස වෙනුවෙන් යුක්තිය සහ සාධාරණතුවය ඉල්ලා, මෙම විරෝධතා මාලාව අඛණ්ඩව 89 වැනි මාසයටත් පැවැත්වුණේ මීගමුව, පුරවැසි කමිටුවේ මුලිකත්වයෙනි

මෙම විරෝධතාව සඳහා පාස්තු ප්‍රහාරයෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන්, සහ වින්දිතයන්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද දිනයේද මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ. බාල්දි හංදිය ශාන්ත සෙබස්තියන් මුණිඳුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට රැස්වූ ඔවුන්, “අපට යුක්තිය ඉටු කරනු ” , “විමර්ශන කඩාකප්පල් කිරීම නවත්වනු ” වැනි පණිවිඩ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬව සිය විරෝධය පළ කළහ. ඔවුන්ගේ දෑස්වල තිබුණේ යුක්තිය පතා දැවෙන නොනිමි බලාපොරොත්තුවකි.
මීගමුව පුරවැසි කමිටුවේ සංවිධායකයන් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු දේශපාලන බලපෑම් මත යටපත් කිරීමට හෝ වෙනතකට හැරවීමට දරන උත්සාහයන්ට එරෙහිව වින්දිතයන්ගේ පවුල් සමඟ එක්ව මෙම විරෝධතාව එදා සිට අද දක්වාම අඛණ්ඩව සිදු කරන බවයි. මෙම ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිත වූ සැමට යුක්තිය සහ සාධාරණත්වය ඉටු වෙනතුරු, සෑම මසකම 21 වැනිදා මෙම විරෝධතාව පැවැත්වීම ඔවුන්ගේ අදිටන බව ද ඔවුහු මෙහිදී අවධාරණය කළහ.
මෙම විරෝධතාවට විශේෂත්වයක් එක්වන්නේ, වත්මන් ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වන ඊයේ දිනට එය යෙදී තිබීමයි. එපමණක් නොව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වූ මහා නඩුවේ අධිකරණ තීන්දුව අද දින ( 22/092026 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී මෙම විරෝධතාව පැවැත්වීම තවත් කැපී පෙනෙන සිදුවීමකි.
මෙම විරෝධතාවය සඳහා සහභාගී වන සෑම අයෙකුගේම එකම බලාපොරොත්තුව වන්නේ, මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ වින්දිත වූ සැමට සාධාරණයක් සහ යුක්තියක් ඉටුවනු දැකීමයි. අද දිනට (22/09/2026) නිකුත් වීමට නියමිත අධිකරණ තීන්දුව ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කරනු ඇත්දැයි මුළු රටම විමසිල්ලෙන් බලා සිටී.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .




















