ඉතාලියේ මෙසිනා නුවර වසන්ත සැණකෙලිය

0
613

සිසිලියේ මෙසීනා නගරයේ වසරකට වරක් පැවැත්වෙන සංස්කෘතික හා ආගමීක උත්සවයක් පසුගිය දින කිහිපයෙහි පැවැත්වුනී.යුරෝපයට ග්‍රීෂ්ම සමය පැමිනීමත් සමග බොහෝමයක් යුරෝපිකයන්   ග්‍රීශ්ම කාලය විනෝදයත් හා විවේකීව ගත කරයි.ඊට උචිත වටපිටාවක් මෙම සමාජය තුල හා ආර්ථිකය තුල ඇති වී තිබෙනව. එහිදී සංස්කෘතික උත්සව හා ආගමීක උත්සවද විශේෂියි.

වෙළදාම හා ආර්ථිකය ගත් කල බොහෝමයක් වෙළදාම් කරුවන්ට මෙම කාලය සුවිශේෂි.නවීන විලාසිතාවන් එලිදැක්වේනවා සමගම ඇගලුම් ව්‍යාපාරික ස්ථාන වල කලින් තිබූ භාන්ඩ ( ඇගලුම් , වස්ත්‍ර ) විශාල වශයෙන් මිල අඩු කිරීමකට ලක් කොට පාර්භෝගිකයාට ලබා දේ.ඒ අතරම සංචාර්ක නිකේතන,සංචරක ව්‍යාපාරයේද උපරිම ලාභ ලබන කාලය මෙය වනු ඇත. මීට අමතරව සුලු  පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම නව් උත්පාදන කරුවන්ටද මෙය සුවිශේෂි කාලයක් වනු ඇත.

අගෝස්තු මස 01 වෙනිදා ආරම්භ කල උත්සව සමය අගෝස්තු මස 15 වන දින රාත්‍රී 12 වනතෙක් පැවතිනි. දින පහලවක් පුරා පැවති වෙළඳ ප්‍රදර්ශනය හා කඩමන්ඩිය මෙසිනා නගරයට ගෙන දුන්නේ ආලෝකයකි.විනෝදාත්මක ක්‍රීඩා වලින් හා නව උත්පාදන කරුවන්ගේ වෙලඳ භාන්ඩ අලවි  ප්‍රදර්ශනය තුල තිබූ විචිත්‍රත්වය කාචයේ සටහන් වූයේ මේ අයුරිනි.

IMG 4903

සුවිශේෂි වූ  වෙළඳම් ක්‍රමද , නවීන අලවිකරණ උපක්‍රමද මෙහිදී දැකගත් හැකි විය.

 

14 වන දින රාත්‍රී සිසිලියේ ඉතිහාසය නැවත් ආවර්ජනය කරමින් වසර 700 කට එහා වූ අතීතයෙ වෘතාන්තයක් සිහි කිරීම සිදු කෙරෙයි.

IMG 4563

IMG 4505

වසර 700 කට පමණ පෙර ඉතාලිය දරුනු සාගතයකට මුහුනු දුනි.ඒ වන විට සිසිලියද දරුනු අවපාතයකට මුහුන දුනි. ඇති වූ සාගතය නිසා ආහාර හිඟය තදටම බලපාන ලදි..එම කාලයේ සිසිලියට උදව්  කිරීමට මොන්ගෝලියානු කලු ජාතික රජ කෙනෙකු පැමිනෙන ලදි. ඔහු විසින් ගිවිසුමක් මත සිසිලිය පත් ව තිබූ තත්වයෙන් ගොඩ ගැනීමට් සහය දැක්වීය. එම ගිවිසුම වූයේ සිසිලියේ කාන්තාවක් විවාහ කර ගැනීමට තමන්ට අවශ්‍ය බවයි. එම ගිවිසුම මත එවකට සිසිලිය පාලනය කල රජුගේ දියනිය දීඝ දීමට පොරොන්දු විය. එම කතා වෘතාන්තය සිහි කරමින් කලු ජාතික මොන්ගෝලියානු රජු අශ්වයා මත යන විශාල වූ ප්‍රතිමාවක් ද ඉතාලි ජාතික බිසව අශ්වයා මත යන ප්‍රතිමාවක්ද රැගෙන පෙරහැර යෑමෙන් මෙය සිහිපත් කරයි. මෙහිදී සිසිලියේ සංස්කෘතිය විදාහා පාන සංගීත කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම්ද  සංස්කෘතික ඇඳුම් පැලඳුම් වලින් සැරසුනු පිරිස්ද මෙහි දැකගත හැකි විය.

IMG 4497

මෙම රජු හා බිසව ජිවත් වූ මාලිගයයේ නටඹුන් අදටත් මෙසීනා හී කමාරෝ ප්‍රදේශයේ දක්නට ලැබේ.

IMG 4597

අගෝස්තු මස 15 දින ඉතාලියට මෙන්ම විශ්ව කතෝලික ජනතාවටද සුවිශේෂි දිනයකි.එනම් ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ මෑණීයෝ  සිහි කරමින් සමරණ මංගල්‍යයයි.එදින විශේෂ නිවාඩු දිනයක් වන අතර ඉතාලිය පුරා එය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. ඉතාලියේ සෑම නගරයක්ම කතෝලික ආගමේහි ශුද්ධවූ චරිතයකට කැප කර ඇති අතර එම චරිතයේ මංග්ල්‍ය දින එම නගරයේදී එම මංගල්‍යය මහෝත්සවයෙන් සමරති. මෙසීනා නගරයද දේව මාතාවන්ට කැප කර ඇති නිසා දේවමාතාවන්ගේ මංගල උත්සව සමරණු ලබයි එහිදී අගෝස්තු 15 දින උත්සවය සුවිෂේෂි වේ.

IMG 4537 එදින නගරයේ පුරා අලෝක බුබුලු වලින් සරසනු ලබන අතර රෙදි සල්පිලවල් හා කඩමණ්ඩියද උජාරුවට සිදු වෙයි.එදින රෑ 11.30 සිට මධ්‍යම රාත්‍රීය දක්වා ගිනිකෙලි සංදර්ශනය මෙසීනා නගරයට ගෙන දෙන්නේ දීප්තිමත් ආලෝකයකි.එය බැලීමට මෙසීනා වරාය වටා ජනයා එක් රොක් වෙති.

ල වාරා

ල වාරා යනු අගෝස්තු මස 15 දින දේවමතා මංගල්‍යය සිහි කරමින් දේවමාතා ප්‍රතිමාවා රැගත් පෙරහැරයි.වර්ශ ගනනාවක ඉතිහාසයක් ඇති මෙම උත්සවය සෑම වසරකම මෙසීනා නගරය වටා පෙරහැර වීදී සංචාරය කරයි. පාවාහන් නොමැතිව දහසකට ආසන්න සුදු පැහැයෙන් බැතිමතුන් මෙය ඇඳගෙන යයි.ජේසුස් වහන්සේ දේවදූතයෙක් රැගත් ප්‍රතිමාවක් යට ඉර ප්‍රදාන කරගත් දේවදූතයින් හා මල් වලින් සරසා  දේවමාතාවන් නිදන ප්‍රතිමාවක් හා එය තුල රැගෙන යයි. දින කිහිපයක සිට මෙම  කූඩුව සකසන ලබයි.

IMG 4750

IMG 4737 20

IMG 4890

IMG 4715

මීට වසර කිහිපයකට පෙර මෙහි රැගෙන ගොස් තිබෙන්නේ ජීවමාන පුද්ගලයින් හා ළමුන්  රැගෙන අතර මෙම කූඩුවෙහි දේවදූතයන්ට හා  වෙනත් රූප සඳහා ජීවමාන පුද්ගලයින් යොදාගෙන ඇත.නමුත් එක් වරක මෙය රැගෙන යන විටකදි ළමුන් දෙදෙනෙක් වැටී සිදුවූ අනතුරු හේතුවෙන් මෙහි ජීවමාන පුද්ගලයින් රැගෙන යෑම නවත්වන ලදි.

IMG 4883

 

මෙම ප්‍රතිමාව රැගත් කූඩූවට ඉදිරියේන් ජලය පාරට මුදාහරින බව්සරයක් ගමන් කරයි.එයට හෙතුව වන්නේ මෙම කූඩූව රැගෙන යන දහස් ගනනකගේ දෙපා තෙත් කිරීමටය.කිලෝමීටර 10 ආසන්න ප්‍රමානයක් මෙය ඇදගෙන යන අතර මෙයට වයස් බේදයකින් තොරව සහභාගී වේ.
ඩිල්ෂාන් තිසේරා

view more pics : https://www.flickr.com/photos/133831632@N07/albums/72157655273939874

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here