එජාප අර්බුදය විසදෙයි!සජිත්ව නම් කිරිම අද සවස!

0
133

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, කබීර් හෂීම් ඇතුළු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සාකච්ජාවක්  පවත්වා ඇති අතර එම සාකච්ජාවේ බව දැක්වෙන ජයාරූප අමාත්‍ය නවීන් දිසානායක මහතාද සිය ෆේස් බුක් පිටුවට එක්කර තිබේ.

image 5edb8f7961

එම ඡායාරූප සමඟ සටහනක් තබමින් නවීන් දිසානායක මහතා පවසන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට තෝරාගෙන ඇති බවයි. ඒ අනුව සාමූහික මැදිහත්වීමෙන් ජයග්‍රහණය කරා යන බවත් දක්වා ඇති අතර නවීන් දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතට සුභපැතුම් එක්කර තිබේ.

අද (26) පස්වරු 03.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායමද රැස්වීමට  නියමිතය.

ඒ අනුව අද දිනයේදී එජාප ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් කෙරෙනු ඇත.මේ අතර සජිත් ප්‍රේමදාස විසින් විධායක ජනාධිපතිධුරය සදහා සිය එකඟතාවය පළකර ඇතිබවක් ගැන සදහන් පුවතක් තවමත් මාධ්‍ය කිසිවක් විසින් වාර්තා කොට නැත.ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සමාජය මේ සදහා කෙසේ නම් ප්‍රතිචාර දක්වනු ඇතිද යන්න තවමත් අවිනිශ්චිතය.එක්සත් ජාතික පෙරමුණ දමිල ජාතික සංවිධානය හා ඉදිරියේදි සාකච්ඡා කිරිමට නියමිත බවද වාර්තාවේ .

මුලාශ්‍රය -LNW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here