කුරුඳුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පිපිරීමක් …

0
178
image 7a1f5cbc66

කොළඹ 7, රීඩ් මාවතේ කුරුඳුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රය තුළ මෙම පිපිරීම සිදුව තිබෙන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකරන අතර කොළඹ මහ නගර සභා ගිනි නිවන ඒකකය සහ පොලීසිය එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගත් බව ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තුවාල හෝ මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here