කොරෝනා නිසා වසාදැමෙන පළමුවන පළාත් පාලන ආයතනය

0
165
IMG 20210812 WA0018
IMG 20210812 WA0019

පිස්සන්ට හැතැම්ම නැති සේ පාලනයක් පවත්වාගෙන ගිය මිගමුව මහනගර සභාව ඒහි අනිවාර්ය ප්‍රථිපලයක් ලෙසින් වසා දැමිමට මේ වන විට සිදුව තිබේ.
නගර පාලනය යනු සිය හිතවතුන්ට පමණක් උපරිම සැප දිම යැයි සිතා කටයුතු කරන නගරාධිපතිවරයා සහ තුන්වෙනි පංතියේ වැඩ කරමින් රාජ්‍ය පරිපාලන සේවයටම නිගාදෙන අඩු සුදුසුකම් ඇති නාගරික කොමසාරිස්වරිය එහෙම පිටින්ම නගරාධිපති දේශපාලනයට යටවි කටයුතු කරමින් සිටිමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාවේ වසා දැමෙන පළමු පළාත් පාලන ආයතනය ලෙසින් දැන් කප් එක ගසා තිබේ.
කුම්බලා මාළු කෑවා නම් දුක් විදපන් බළ‌ලෝ යැයි ජනවහරේ කියැවේ.
මිගමුව නගර සභාවට සිදුව ඇත්තේද එයයි.
රට වටේ සිටින නගරාධිපති හිතවතුන් කැදවා පසුගිය කාලය තුල නගරාධිපතිවරයා සිය පුද්ගලික කාමරයේ පවා එන්නත්කරණය සිදුකර තිබුණි.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සම්පුර්ණ සේවක සංඛ්‍යාව සේවයට නොකැදවා නිසි පාලනයක් පවත්වාගෙන යාමට යැයි රජය උපදසේ දි තිබුණද ඒ්වා පයිසෙකට මායිම් නොකර නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබුණි.
දැන් මේ සියල්ලේ ප්‍රථිපල ලෙසින් කොරෝනා නිසා වැසෙන පලමු පළාත් පාලන ආයතනය බවට මිගමුව පත්ව තිබේ.

IMG 20210812 WA0015


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here