ගොවියා අසරණ කරමින්, වෙළෙන්දා සහ පාරිභෝගිකයාට තරු පෙන්වන එලවළු මිල…..

0
484
IMG 20211114 WA0021
IMG 20211114 WA0026

මීගමුව , කාමච්චෝඩය ඉරිදා පොල වෙනදා එකම ගාල ගෝට්ටියකි. තමන්ගේ එලවළු ටික විකුණා ගැනීම සඳහාත්, ඊට පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම සඳහාත් හැකි පමණ උස් හඬින් කෑ කෝ ගසති. ඒ අතර පාරිභෝගික ජනයාද එකිනෙකා සමඟ උස් හඬින් කතා බස් කරන ආකාරයද අසන්නට සහ දකින්නට ලැබේ.

නමුත් එකී පොල ඊයේ නිහඬය.

සෑම මුහුණකම දකින්නට ඇත්තේ කලකිරුණු ස්වභාවයකි.
ඒ ඒ එලවළු විවිධ මිල ගනන් වලින් විකිණෙන ආකාරය දකින්නට තිබිණ . කැරට් , බෝංචි, ලීක්ස් කිලෝව රු. 300/ සිට 400/ යන මිල ගනන් සේම රු. 150/ , 200/ , වැනි මිල ගණන් වලටද විකිණන ආකාරය දැකිය හැකි විය.

වෙළෙන්දෝ එලවළු වෙලඳාම පුරුද්දක් වශයෙන් කරනවා මිස වෙනදා ලැබෙන ලාභය මේ වනවිට ඔවුන්ට නොලැබෙන බව ප්‍රකාශ කරති.
පාරිභෝගික ජනතාවද වෙනදා මල්ලක් පුරවාගෙන එලවළු රැගෙන යන නමුත් අද ෂොපින් බෑයකට දමාගෙන යාහැකි එළවළු ප්‍රමාණයක් පමණක් ඔවුන්ගේ අත තිබෙනු දැකිය හැක.

මෙකී තත්ත්වය මත අපේ බත්පත සරු කරන එළවළු ප්‍රමාණයද අඩුවීගෙන යති. පළමුව එලවළු වගා කරන ගොවියා තම වගාවන් නිසි පරිදි කරගෙන යාමේ ගැටළුවකට මුහුණ දී සිටින බව අප T V මාධ්‍ය සහ පුවත් පත් වලින් දකිමු. පොහොර ගැටළුව , පවතින වර්ෂා තත්වය ,ණය ප්‍රශ්ණය ආදී වශයෙන් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ කිසිවකට විසඳුම් ලබාදී මට කිසිදු වගකිවයුතු අයෙකු ඉදිරිපත් වන්නේ නැත . ඒනිසා අසරණ වන ගොවියා අද තම ගොවිකම තුළින් බැහැර වීමටද අදහස් කරති.

එලවළු ගොවිතැන බිඳවැටෙන විට ඉන් දැඩි පීඩාවට ලක්වන්නේ ⁣ මෙතෙක් එලවළු වෙළඳාම එකම ජීවනෝපාය ලෙස පවත්වා ගෙන ආ එලවළු වෙළෙන්දාය. මෙම තත්ත්වයට අවසානයේ මුහුණ දෙන්නේ පාරිභෝගිකයාය.
කෙසේ නමුත් මෙම සමස්ථ ක්‍රියාවලිය තුළ ගොවියා, වෙළෙන්දා , පාරිභෝගිකයා යන තිදෙනාම මෙම අර්බුදය ඉදිරියේ අසරණ වී ඇත .
.
කැරට් – කිලෝව – රු. 300/
බෝංචි – රු. 300/- 400/
ලීක්ස් – 300/ , 400/
වම්බටු – රු. 150/ , 200/
මේ මිල ගනන් ඒ ඒ තැනදී විවිධ විය.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here