`ප්‍රමිතියෙන් තොර , ව්‍යාජ නම් සහිතව සැමන් නිෂ්පාදනය කළ තැනක් දුන්ගාල්පිටියෙන් අල්ලයි ..

0
42

 

වෙළඳ පොලේ ටින් මාළු සඳහා ප්‍රසිද්ධ නාමයක් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් පාරිභෝගිකයන්ව රැවටීමට ලක් කරමින් ටින් මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වටලා ඇත.

පසුගිය 03 වන දින (03/05/2025) පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව මීගමුව තලාහේන දුංගල්පිටිය, ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇති බව වාර්තා වේ

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ SLS ලාංඡනය සහ ටින් මාළු සඳහා වෙළද නාමයද ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ආකාරයට මෙම ටින් මාළු නිෂ්පාදනය සහ ඇසුරුම් කර ඇති බව ද මෙම වැටලීමේදී අනාවරණය කරගෙන තිබේ.

එලෙසම මෙම වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම් කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425 සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස 02 ක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here