මිගමු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අමතර කොටසේ වැඩ අවසන් අදියරට !

0
100

FB_IMG_1587197947546FB_IMG_1587197968274FB_IMG_1587197965858FB_IMG_1587197962674FB_IMG_1587197970653( 4.10 pm ) මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අමතර කොටසක් ඉදිකිරීමේ වැඩ අවසන් අදියරට මේ වන විට පැමිණෙමින් තිබේ. ජවිපෙ රතු තරුව විසින් මෙහි වැඩකටයුතු අරඹා තිබුනේ අප්‍රේල් 06 වෙනිදාය. ඒ මිගමුව රෝහලේ හිටපු රෝහල් අධ්‍යක්ෂතුමියගේ  පුර්ණ සහය යටතේය.
මේ වන විට වත්මන් රෝහල් අධ්‍යක්ෂක තුමන්ගේද ආශිර්වාදය යටතේ වැඩකටයුතු නිසි අයුරින් නිමකර ගැනිමට රතු රතුව කණ්ඩායමට හැකිව තිබේ.
මෙය සැබැවින්ම මිගමුවට මහඟු ආදර්ශයකි.
මුදලට වාසියට  කොමිසම් වලට යටවුන සමාජය නිවරදි රාජ්‍ය නිළධාරින්ගේ සෙනෙහබර දායකත්වයන් සැබැවින්ම අගනේය.එමෙන්ම  අලුත් දේශපාලන සංස්කෘතියක් රට තුල බිහිකිරිමේ උත්සාහයක නිරත ජවිපෙ වැනි දේශපාලන බලවේගය එක්ව මේ රටට දෙමින් සිටින්නේ අනාගතයේ රට ගොඩනැගිය යුත්තේ කෙසේද යන පණිවිඩය නොවේද ?
අද දිනේයේද මෙම ඉදිකිරිම් වල  නිරීක්ෂණය සදහා රෝහල් අධ්‍යක්ෂතුමන්  හා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් එක්ව සිටි බව වාර්ථා වේ.
මේ අතර ජවිපෙ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාද අද දින මෙම ඉදිකිරිම් නිරික්ෂණය සදහා සහභාගිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here