මීපුර සාහිත්‍ය සදෙස – 2026 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

0
35

 

සාහිත්‍යයේ අරුතත්, කලාවේ සුන්දරත්වයත් එකට කැටි කළ මීගමුව මහ නගර සභාවේ සාහිත්‍ය දිනය වන “මීපුර සාහිත්‍ය සදෙස – 2026” උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මීගමුව ප්‍රධාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන, ගරු නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, නගර සභා කාර්ය මණ්ඩලයේ සහ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ප්‍රවීණ රංගවේදී රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ හරවත් දේශනය, දරු දැරියන්ගේ කලා දක්ෂතා සහ ගී රසවින්දන වැඩසටහන මෙම අවස්ථාව තවත් වර්ණවත් කළේය.

කියවීමේ රුචිය වර්ධනය කරමින් නිර්මාණශීලී පරපුරක් ගොඩනැඟීම උදෙසා මෙවැනි වැඩසටහන් අගය කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here