” රැන්කා ෆුඩ් හවුස් ‘” අලුත් වෙයි. …..

0
209

 

දශක දෙකකට අධික කාලයක් පුරා රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ආහාරපාන සමඟින් දස දහස් ගණනින් පාරිභෝගික විශ්වාසය දිනාගත්, මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ, කටුනායක 18 කණුව මංසන්ධියට ආසන්නව පිහිටි රැන්කා ෆුඩ් හවුස්, සිය නවතම අවන්හල පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. නව්‍ය සංකල්ප, නවීන තාක්ෂණික පහසුකම් සහ පරිසර හිතකාමී හරිත සංකල්ප මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම අවන්හල, නූතන ගෘහනිර්මාණ ශිල්පයේ හා ස්වභාවිකත්වයේ අපූරු සුසංයෝගයක් විදහා දක්වයි.

වඩාත් ඉඩකඩ සහිත, සුවපහසු සහ සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන ලද මෙම නව අවන්හල, පිරිසිදු බවට මුල් තැන දෙමින් නවීන සනීපාරක්ෂක පහසුකම් රැසකින් සමන්විතය. උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාර වේල් සඳහා පාරිභෝගිකයින්ට පිරිසිදු හා සුවපහසු පරිසරයක් තුළින් අලුත් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.

රැන්කා ෆුඩ් හවුස් විසින් මෙතෙක් පිරිනැමූ ආහාර පාන වලට අමතරව, විවිධ වූ නව රසයන්ගෙන් යුත් ආහාරපාන රැසක් ද මෙම නව අවන්හලෙන් පාරිභෝගිකයින් හට හඳුන්වා දී තිබේ. ඔබ මෙතෙක් රස විඳි රෝල්ස්, කට්ලට්, පැටිස්, සැන්විච්, පේස්ට්‍රී වර්ග, බන් වර්ග, කේක් සහ ගැටෝස් වර්ග මෙන්ම විවිධ රසයන්ගෙන් යුත් ස්වභාවික පලතුරු යුෂ වර්ග ද පෙර මෙන් ම රස විඳිය හැක. එපමණක් නොව, තේ, කිරි තේ සහ කෝපි පානයන් ප්‍රිය කරන පාරිභෝගික රසවතුන් වෙනුවෙන් ලෝ සුපතල එස්ප්‍රෙස්සෝ, ඇමරිකානෝ, කැපිචිනෝ, කැෆේ ලතේ, කැෆේ මොකා, හොට් චොක්ලට් වැනි පානයන් ද මෙම නව අවන්හලෙන් ලබාගත හැක.

දවසේ කාර්යබහුලත්වය තුළ ආහාර වේලක් ගැනීමට වේලාවක් නොමැති පාරිභෝගිකයින් සඳහා, චිකන්, සී ෆුඩ් සහ වෙජිටබල් කොත්තු රොටි, නූඩ්ල්ස් සහ පාස්තා වැනි ආහාර වර්ග ඉතා ඉක්මනින් පිළියෙල කර දීමේ නවතම සේවාවක් ද මෙම නව අවන්හල තුළින් සලසා දී තිබේ. අවන්හල තුළ සිටම රස බැලීමට හෝ රැගෙන යාමට (Take Away) ඉතා කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා දැන් පෙරටත් වඩා පහසුකම් සලසා ඇත.

මේ සියලු ආහාරපාන වර්ග ඉතා ඉක්මනින් පිළියෙල කර පාරිභෝගිකයින් වෙත සපයා දුන්න ද, ඒවා සඳහා කෘතිම රසකාරක හා කෘතිම වර්ණක වැනි ශරීරයට අහිතකර රසායනික වර්ග කිසිවක් රැන්කා ෆුඩ් හවුස් විසින් භාවිතා නොකරන අතර, දශක ගණනාවක් පුරා දස දහස් සංඛ්‍යාත පාරිභෝගිකයින් රැන්කා ෆුඩ් හවුස් වෙත තබා ඇති විශ්වාසය තුලින් එය මනාව පිළිබිඹු වේ.

සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙමින්, නවීනත්වය හා හරිත සංකල්පය මුසු වූ නව අත්දැකීමක් තුලින් අතීත උරුමය නව මාවතකට යොමු කිරීමට රැන්කා ෆුඩ් හවුස් මේ වන විට සමත් වී තිබේ. අභිනවයෙන් විවෘත වූ මෙම නව අවන්හලෙන් ඔබ මිලදී ගන්නා ආහාර පාන සඳහා නව තාක්ෂණය මුසු කර ගනිමින් අන්තර්ජාලය පදනම් කරගත් ඔන්ලයින් ගෙවීම් ක්‍රමය ද හඳුන්වා දී ඇත.

තවද, රැන්කා ෆුඩ් හවුස් සිය සාම්ප්‍රදායික බව ආරක්ෂා කර ගනිමින් නව ආහාරපාන වර්ග රැසක් සිය පාරිභෝගිකයින්ටන හඳුන්වා දී තිබේ.

අලුත් අත්දැකීමක් සමඟින් ගුණාත්මක රසවින්දනයක් ලබා ගැනීමට කැමති සියලු දෙනාට රැන්කා ෆුඩ් හවුස් හි අභිනවයෙන් විවෘත වූ නව අවන්හල වෙත පැමිණෙන මෙන් සාදරයෙන් ආරාධනා කර සිටී.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here