වසර 07 කට පසු , මීගමුව රෝහලේ අවුරුදු උත්සවයක්. ..

0
137

..

මීගමුව මහා රෝහල, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ මහා බක්මහා උළෙල අද දින (03/04/2025) දවස පුරා  රෝහල් එළිමහන් පරිශ්‍රයේදී පැවැත්විනි.IMG 20250503 WA0088 1

දැනට මාස කිහිපයකට පෙරාතුව  මීගමුව මහා රෝහලට පැමිණි නව රෝහල් අධ්‍යක්ෂවරිය වන විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්  මහත්මියගේ අදහසකට අනුව අධ්‍යක්ෂකවරියගේ මූලිකත්වය සහ නායකත්වය යටතේ මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

IMG 20250503 WA0086 1
” වසන්ත උදානය 2025 ” නමින් නම් කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව කළ මීගමුව මහා රෝහලේ නව අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළේ රෝහලට පැමිණි මුල් දින කිහිපයේ රෝහල තුළ තමන් සිදු කළ නිරීක්ෂණ සංචාරයේදී රෝහල තුල භෞතික  වශයෙන් මෙන්ම මානව සම්පත තුළ ද තවත් දියුණු කළ යුතු බොහෝ අංගයන් පිළිබඳව තමන්ට පෞද්ගලිකව නිරීක්ෂණය වු බවයි. ඒ අනුව විශේෂයෙන්ම මානව සම්පත තුල එනම් රෝහලේ සියලුම කාර්යමණ්ඩල වල  සේවය කරන සියලු දෙනා තුළම සහෝදරත්වය, සහජීවනය සහ සහයෝගය වැඩිදියුණු කරමින්, කණ්ඩායම් හැඟීම තුළින් දැනට  වඩා වැඩි මට්ටමකින් මීගමු රෝහල දියුණු කිරීමට හැකි බවට තමන් විශ්වාස කළ බවත ඒ අනුව රෝහල තුළ සිටින සියලු කාර්ය මණ්ඩලවල සේවය කරන සියලු දෙනා අතර එකමුතුභාවය සහ සාමූහිකත්ව බැඳීම වැඩි වර්ධනය කිරීමට මෙවැනි අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමට තමන් මූලිකත්වය ගත් බවද අධ්‍යක්ෂකවරිය එහිදී වැඩිදුරටත් පැවසීය.

IMG 20250503 WA0087 1IMG 20250503 WA0089 1IMG 20250503 WA0090 1IMG 20250503 WA0091 1

ඒඅනුව, රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මි

යගේ ආරාධනයෙන්,  මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන , මීගමුව බන්ධනාගාර අධිකාරී ජීවක ප්‍රනාන්දු, මීගමු නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි යන මහත්ම මහත්මා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වුහ.
සිංහල හා හින්දු අලූත් අවුරුද්දකට විශේෂිත සහ මෙරටට ආවේණික ජන ක්‍රීඩා ගණනාවකින් මෙම අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් වු අතර එම ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණය කළ සියලු දෙනා වෙත වටිනා ත්‍යාග පිරිනැමීමටද මෙහිදී කටයුතු සංවිධානය කර තිබිණි . මීට පෙරාතුව මීගමුව මහා රෝහලේ අලුත් අවුරුදු උත්සවයක් පවත්වා ඇත්තේ 2018 වසරේදීය.  ඉන් පසු වසර 07කට පසුව පැවැත් වූ මෙම අලුත් අවුරුදු උත්සවයේදී රෝහල් පරිශ්‍රය තුළ  සුන්දර ගමක  පිහිටි ගැමි නිවසක ආකෘතියක්ද ඉතා අලංකාරව නිර්මාණය කර තිබිණි. එමෙන්ම මෙම අලුත් අවුරුදු උත්සවයේදී වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන්,  සනීපාරක්ෂක අංශයේ සේවක සේවිකාවන් සහ ආරක්ෂක අංශයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිස් මෙම අලුත්  අවුරුදු උත්සවය සංවිධානය කිරීමේදී මනා සහයෝගයක් දක්වා තිබූ අතර මෙම අලුත් අවුරුදු උත්සවයේ සියලු ක්‍රීඩා ඉසව් සඳහාද ඔවුන් සහභාගි වූහ.

  1. IMG 20250503 WA0093 1
    IMG 20250503 WA0094 1IMG 20250503 WA0091මෙම අලුත් අවුරුදු උත්සවය සාර්ථක කර ගැනීම සඳහා මීගමුව මහා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජගත් .එන්. හේරත් මහතා සහ එන්. ශ්‍රීදරන් මහතා ද එලෙසම විශේෂඥ වෛද්‍ය පුණ්‍යා අබේගුණවර්ධන මහත්මිය ,ඒමෙන්ම  විශේෂඥ වෛද්‍ය අජිත් වන්නි ආරච්චි , විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් වික්‍රම ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ද 50 ක ගේ පමණ දායකත්වයද මෙහිලා සටහන් කළ යුතුව ඇත.
    එපමණක් නොව විශේෂ හෙද නිලධාරිණිය ඇතුළු හෙද කාර්ය මණ්ඩලය , අතුරු වෛද්‍ය හා පරිපුරක වෛද්‍ය සේවය,පරිපාලන නිළධාරිණිය , සුළු සේවා පාලන අංශය ඇතුළු සියළුම කාර්ය මණ්ඩල වල දායකත්වයද මේ කටයුත්තේ සාර්ථකත්වයට විශාල ශක්තියක් වි තිබුණි.

සභාපති ක්‍රිෂාන්ත දල්පදාදු මහතා සහ එම පදනමේ උප සභාපති ජීවක පෙරේරා මහතා ද විශේෂ ආකාරයෙන් මේ කටයුත්ත සාර්ථක කරගැනිමට දායක්තවයද මෙහිලා සටහන් කළ යුතුවම තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here