සුවහසක් පෙම්වතුන් පෙම්සුව විදපු ජා ඇල “රත්නාවලීය” කාටද මතක ?

0
382

සුවහසක් රසික ජනතාව සිනමා අත්දැකිම් විදගත්ත,

සුවහසක් පෙම්වතුන් පෙම්සුව විදපු ජා ඇල “රත්නාවලීය” කාටද මතක ?

වර්තමානයට ගැලපෙන ලෙස අනුවර්තනය නොවිම නිසා ප්‍රේක්ෂක අකාර්ශනය අඩුවි අකාලයේ අහිමිවුන වටින වස්තුවක්.

පිංතුර පමණක් අද ඉතුරුව තියෙන නමුත් හැබැවට දකින්න නැති රත්නාවලිය.

මුඛ පරම්පරාවෙන් එහෙමත් නැත්නම් කටකතාවෙන් එන පැරණි අතීත කතාවක් මෙහි තිබේ.

කටකාතාවෙන් එන නිසා එහි සත්‍ය අසත්‍ය අඩුවැඩි කරණු පිලිබද අවබෝධයක් නැත.

කෙසේ නමුත් මා දන්නා එ කතාව නම් මෙසේය.

රත්නාවලී අයිතිකරුගේ දුවට සුවකල නොහැකි අසනිපයක් වැලදි තිබේ.

කොතෙක් ප්‍රතිකර්මයක් කලත් සුව නොවු නිසා පිලිසරණයක් පතා ප්‍රකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න “කොන්ඩදෙනීයේ හමුදුරුවෝ” මුණගැසිමට ගොස් තිබේ.

එහිදි උන්වහන්සේ පවසා ඇත්තේ “දුව තදබල අපලයකින් පිඩා විදින බවයි” ප්‍රතිකර්මයක් ලෙස පවසා ඇත්තේ දුවගේ නම ප්‍රසිද්ධ වෙන දෙයක් කල යුතු බවයි”

“නම කියවෙන කියවෙන වාරයක් පසා අපලය ගෙවි යන බවත් ඇය සනිප වන බවත් උන්වහන් පවසා තිබේ”

ඊට පිලියම් ලෙස ජා-ඇල රත්නාවලී සිනමා ශලාව ඉදිකර තිබේ. ශලාව පිටිපස්සේ , කෝච්ච්යේ යන ජනතාවට දැකබලා ගැනිමටද රත්නාවලී නම සටහන් කර තිබේ.

හිමිකරුගේ නිවසේ ගෙට්ටු කුළුන දෙක මතද “රත්නාවලී” නම සටහන් කර තිබේ.

සිය සුවහසක් රසික ජනතාවගේ සිනමා ලෝකය සුන්දර කල, පෙම්වතුන්ගේ ප්‍රේම ලෝකය ප්‍රේමණිය කල මතක රැසක් ඉතිරි කල ගිය “රත්නාවලීයේ” කතාව එයයි.


ෂෙහාන් ලක්මාල්
2026-08-04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here