නිහඬ කාලය තුල මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් ගැන මැතිවරණ නිරික්ෂණ සංවිධාන දැඩි අවධානයක් යොමුකර තිබේ.
මේ අතර මේ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කථාබහක් නිර්මාණය වි ඇත්තේ අගැමැතිණිය කර ඇති ප්‍රකාශයක් පිලිබදවය.
ඇය ඊයේ මැතිවරණ රැළියකට සහභාගි වෙමින් කියා සිටියේ ඔවුන් නිහඬ වු පසු මාලිමා ආධාරකරුවන්ට ෂේප් එකේ දුරකතන ඇමතුම් මගින් හෝ පාර තොටේ කතා බහකින් වැඩේ කරගන්නා ලෙසය.
මෙය බරපතල වරදකි.
මේ සම්බන්ධයෙන් පැපරල් සංවිධානද මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යොමු කරමින් මේ පිලිබදව අවධානය යොමුකරන ලෙසය.
ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
2025-05-05
ගරු සභාපතිතුමනි,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
2025-05-05
ගරු සභාපතිතුමනි,
නිහඬ කාලය තුළ ප්‍රචාරක කටයුතු කිරීමට පෙළඹවීම පිළිබඳව ගරු අගමැතිතුමියගේ ප්‍රකාශය සම්බන්ධවයි.
මොරටුව තෙලවල දී 2025 මැයි 03 වන දින පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක දී අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය විසින් නිහඬ කාලය තුළ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකල බව නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව අපවෙත පැමිණිලිද ලැබී ඇත.
2025 පළාත් පාලන මැතිවරණයට ප්‍රචාරක කටයුතු වලට ලබා දුන් නිල කාලය 2025 මැයි මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන අතර, ඉන් පසු නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීම නීති විරෝධි වන පසුබිමක, ගරු අගමැතිනිය විසින් නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට පෙළඹවීමක් සිදු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට පෙළඹවීමක් මෙන්ම මැතිවරණ නීතිය නොසලකාහැරීමක්ද වේ.
අග්‍රාමාත්‍යවරිය ලෙස සහ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට පෙළඹවීම ගොඩනැගෙමින් පවතින යහපත් දේශපාලන සංස්කෘතියට ප්‍රබල බලපෑමක් එල්ලකරන කාරණයකි.

එමෙන්ම මෙය මැතිවරණ සංස්කතියට මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයට බලපෑමක් සිදුවන කාරනයක් බැවින්,මේ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ