අද පූසන්ටත් හොඳ දවසක් ! .සාලයා රු 150 යි

0
624

 

දැන් ගොඩක් ගෙවල් වල පූසෝ බල්ලෝ ඇති කරනව.

මාළු හිඟවෙනව කියපුව ගෙදර අයගේ කෑම වේලටත් වඩා සමහර තැන් වල කලබල වෙන්නේ පූසන්ට මාළු නැතිවෙන එක ගැන.

සාලයෝ ලෙල්ලමෙත් නැතිකාලේ පුඩ් සිටි වලින් ගිනි ගණන් දිල සාලයෝ ගත්තු අයත් හුඟක් හිටිය.

හැබැයි බල්ලටයි පූසටයි විතරක් නෙමේ ගෙදර අදටත් අද හොදම දවසක්.

සාලයා පට්ටම ලාභයි .කිලෝවක් රු 150යි.දූව පිටිපන ලෙල්ලමේ අද වැඩිපුරම ඉන්නේ සාලයෝ.

සැරයි කිව්වත් කුම්බලා මාළුත් මරු කෑමක්.බැදල එහෙම සුපිරියි

ඔන්න අද චාන්ස් එක.කුම්බලා ලොකු එක රු 500යි.පොඩි එක රු 300යි.

සැර නැති ⁣ඕන කෙනෙක්ට ගුණ පරා පැටව් අද කිලෝවක් රු 450යි.

බලයා කිලෝවක් රු 700ත් 800 අතර මිළකට තමයි අලෙවි වෙන්නේ.

කෙලවල්ලා රු 1200යි.ලින්නා නම් අද ටිකක් හිඟයි වගේ.කිලෝවක් රු600ත් රු 700ත් අතර මිළක පවතිනව.

අද කොහොමටත් හොද්දට ගෙදරට මාලු ගන්න එන අයට හොද දවසක් .බල්ලන්ට පූසන්ට විතරක් නෙමේ ගෙදර අවටත්.අඩු ගානට මාළු ගොඩක් අරන් යන්න පුලුවන් දවසක්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here